• This web proxy is sponsored by HideMyAss.com

අලුත් අවුරෑද්ද පරණ වූ පසු

දැන් ඉතිං අමාවක අවුරුද්ද 

අයිෆලය මුදුනට

 බගසඳ නැගී එන විට

රයිෆලය ගෙන සිහිනෙන්

ගිනි බිඳින්නෙමි පපුවට

දැන් ඉතිං අමාවක අවුරුද්ද

ගණ අන්ධකාරයට හිස නමන

එහෙත් එළියම වපුරන

පහන් කණු වෙත ගිනි බිඳ බිඳ

ලා චැපල් වීදියේ සිහිනයෙන් ඇවිදිමි

නාඳුනන දෙමළ හිතකට 

වනක්කම් කියමි

නෙරප්පෙට්ටිය ඉල්ලමි

ජීවිතය ඉල්ලන දෙනෙතකින්

ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?

මහ මිනිස් ගිනි මැලයකින්

සුරුට්ටු පත්තු කළ පරපුරක

සිගරට්ටුවක් උර උර

ඉබාගාතේ ඇවිදින

මළ මිනිසකු

ඔබේ අවුරුදු සිහිනයේ

කෙළවරකවත් සිටියා ද?

ඔහුට තිබුණා ගෙයක්

නිදියන්න ඇඳක් නැති

ඔහුට තිබුණා ගමක්

ඇවිදින්න මගක් නැති

ඔහුට තිබුණා රටක්

හිනැහෙන්න ඉඩක් නැති

ඒ නිසයි අමාවක අවුරුද්ද

ඔබ ඔතන තළුමරන

ලේ සුවඳ කිරිබතම

කොයි තරම් රසවත් ද?

මංජුල වෙඩිවර්ධන

14 අප්‍රේල් 2010

අලූත් අවුරුද්ද සහ පාස්කුව

දැන් ඉතින්
මැදින් මාසෙත් ඉවරයි.
සඳුත් අඳුර ම මතුරයි
එකල්හි
අකල්හි හමන කච්චාන් හුළ`ගට
එරබදු නෙත් කෙවෙනි පිපිරී
ලේ ගලයි.
නොනගතය අංග විකලයි
ඒත් අවුරුදු තරුණයි
කොවුලා ගීත ගැයුවත්,
කපුටු කූඩුව විතරයි
හොට ඇරී ගී බිම වැටෙන කොට
අලූත් අවුරුදු සමරයි

පංචා අතක් දාන්න ආසයි
ඒත් ගොංගො නෑ.
ඔංචිලි වාරමක් ලඹ දෙයි
ඒත් රුකුල් ගන්නට වෙර නෑ
මිනිස් ගිනි මැලයකින්
රත් කෙරෙන රබානක් පුපුරයි

මහ සිකුරාදා එන්නෙත්
අවුරුද්ද ළ`ග ළ`ගමයිි.
මීන රාශිය මේෂ රාශිය
රිදී තිහකට විකුණයි
වන්නියට ගෙත්සෙමෙනිය සම වන
සොඳුරු සිහිනෙට වෙඩි වදින විට
අහර වළඳන නැකතයි
හිසෙහි තෙල් ගල්වන්න එනු මැන
කුරුස ගහ යට සෙවනයි.

පාස්කුව එන බක් මහේ මැද
සොහොන් ගර්භය විවරයි.
ජාතියක උත්තානයට පෙර
වන්නි ගම් දොර නිසලයි

මංජුල වෙඩිවර්ධන

ඉතිහාසය මහා වන්ශයෙන් ඔබ්බට

 

ඉතිහාසය ගැන ඓතිහාසිකව සිතීම

මිනිසා ලෝකය තේරුම් ගන්නේ සන්සන්දනාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙසය එම අදහස දැන් ස්නායු ජීව විද්‍යාවේ පිළිගත් සිද්ධාන්තයකි කිසියම් අත්දැකීමක් එක් වරක් අත්දුටු විට එමගින් මොළය අත්දැකිමක් ගබඩා කර ගනී නැවතත් ඒ හා සමාන අත්දැකීමක් මුන ගැසුනු අවස්ථාවක මොළයේ තිබෙන දර්පන නියුරෝන මගින් එම අත්දැකීමට මුල් අවස්ථාවේ මුහුණ දුන් ආකාරය පිළිබ`ද මතකය පරාවර්තනය කරයි පුද්ගල හෝ වේවා සාමාජයීය හෝ වේවා කිසියම් අභියෝගයකට මුහුණ දීම ස`දහා අවශ්‍ය කරන දැනුම ගොඩ නැගෙන්නේ තමන් සාර්ථකත්වය සහ අසාර්ථකත්වය පිළිබ`දව මොළය මගින් ගබඩා කර ගන්නා ප‍්‍රායෝගික අත්දැකීම් පිළිබ`ද මතකයයි මෙය දාර්ශනිකව හ`දුන්වන්නේ සාදෘශ්‍යමය සාමාන්‍යකරණය යන යෙදුමෙනි

යම් අත්දැකීමක් සමග ගලපා ගැනිමෙන් තවත් ඒ හා සමාන අත්දැකිමක් තේරුම් ගැනිම මිනිසාට ආවේණික වු ක‍්‍රමයකි කිසියම් සමාජයකට ඉතිහාසයක් පිළිබ`දව විමසිලිමත් වීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසාය ඉතිහාසය පොදුවේ ගත් කළ  ඕනෑම සමාජයකට තමන් මුහුණ දෙන වාස්තවික ප‍්‍රශ්න තේරුම් ගැනීමට අවශ්‍ය කරන පසුබිම් දැනුම ලබා දෙන ප‍්‍රපංචයකි  බාහිර බලවේගයක් මගින් අඛණ්ඩතාවට බාධා නොකරන තාක් කල් ඉතිහාසය ක‍්‍රියාවලියක් ලෙෂ ගෙවී ගිය කාලයත් වර්තමානත් හේතුඵලමය හුයකින් සම්බන්ධ කරනු ලබයි ඇත්තෙන්ම බටහිර යටත්විජිත බලපෑමෙන් ශ‍්‍රී ලංකාව ආදී රටවලට මුහුණ දෙන්නට සිදු වූ බලවත්ම හා දිර්ඝකාලීන ප‍්‍රතිඵල සහිත ව්‍යසනය වූයේ වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වූ ඓතිහාසික අත්දැකීම් පිළිබ`ද මතකය උපක‍්‍රමශීලීව අහෝසි කොට ඒ මත ඒ මත එවන් ඓතිහාසික සමාජකට කිසිදා හුරු නොවූ විරූ ආකල්පමය සහ ද්‍රව්‍යාත්මක රෝපණය කරලීමයි ඉන් සිදු වූ සමාජමය හානිය මගින් ඇති කළ නොයෙක් තරාතිරමේ අර්බුද නිසා හටගත් පොදු සාමාජයීය අසාත්මිකතාව අතිමහත්ය ඉන් ප‍්‍රධාන වන්නේ දීර්ඝකාලීනව අහිතකර ප‍්‍රතිඵල ලබා දෙන සු`එ වූත් තත්ත්වය වන්නේ අප හා අප ජීවත්වන සමාජය පිළිබ`දව අප කල්පනා කරන ආකාරයට අදාලව පවතින අර්බුදයයි රටක් සංවර්ධනය කිරිමට අවශ්‍ය කරන සැබෑ පෙළඹවිමකින් කටයුතු කරන සමාජයක් තීරණ ගැනීමේදී  සහ තීරණ ක‍්‍රියාත්මක කිරීමේදී තමන්ගේ ආකල්ප මගින් ඇති කරන අර්බුදවලින් මිදී කටයුතු කිරිමට ඒ සමාජ තුළම ස්වයංසිද්ධව පහලවන අතීත සිද්ධි හෙවත් ඉතිහාසය ප‍්‍රයෝජනවත් වන ආකාරය තේරුම් කිරිමට මෙම ලිපිය අදහස් කරයි

ඉතිහාසය යනු ඉතිහාසය මගින්ම නිර්මිත සමාජයක වෙසෙන පුද්ගලයෙකු විසින් රචනා කරනු ලබන්නකි එහෙයින් ඉතිහාසය සාමාජයීය ප‍්‍රකාශනයකි ඉන් අදහස් කරන්නේ අතීතය දැකීමට අවශ්‍ය කරන කවු`එව තැනෙන්නේ වර්තමාන අභියෝග නමැති බිත්තිය මත බවය වර්තමානය යනු සර්ව නාමයකින් විස්තර කළ හැකි අන්දමේ ස්ථිතික ප‍්‍රපංචයක් නොවේ එය වෙනස්වන කාල තලයකි එක් වර්තමානයක් මගින් ඇති කරන සමාජ අභියෝග සහ වාස්තවික සමාජ දෘෂ්ටිවාද තවත් වර්තමානයක් මගින් ඇති කරන එවැනි දේට සාපේක්ෂව වෙනස් වෙයි කාලය හරහා වර්තමාන මගින් උද්ගත කරන සමාජ අපේක්ෂා වෙනස්වන විට ඉතිහාසයෙන් අප ඉල්ලා සිටින යථාර්ථ ද ඒ අනුව වෙනස් වීම විය යුත්තකි යටත්විජිතයෙන් මිදීම ප‍්‍රධාන සමාජ දේශපාලනික අවශ්‍යතාව ලෙෂ පැවති යුගයකදී අප විසින් ඉතිහාසයෙන් ඉල්ලා සිටි පරමාදර්ශ විසිඑක්වන සියවසේ ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීමට අපේක්ෂා කරන සමාජ-දේශපාලනික සන්දර්භයකදී එ ලෙසම පවත්වා ගැනීම ප‍්‍රායෝගිකව කළ හැක්කක්ද යටත්විජිත ආධානග‍්‍රාහීත්වය නිසා බි`ද වැටුනු සමාජ අභිමානය ගොඩ නැගීමට ඉතිහාසයේ කටුකෙහොල් අතරින් ජාතියට පෙන්වූ අනුරාධපුරයේ මහාවැව් අමුණු සහ සුවිසල් ගොඩනැගිලිවලින් විහිදෙන දෘශ්‍යමය විශිෂ්ටත්වය සහ ඒවා පදනම් කර ගත් විස්මයජනක වෘත්තාන්ත වෙනුවට දැන් අපි ඒ නිමිති මගින් කියවා ගත යුතු වන්නේ ඒ කෘතීන් තුළම අන්තර්ගතවන තාක්ෂණය දර්ශනය සහ අනභියෝගී කළමනාකරණ මූලධර්ම ආදී දැනුම පදනම් කර ගත් තේමාවන්ය සංවර්ධනය ජාතික ඒකාග‍්‍රතාව සාමය ආදී පු`එල් අපේක්ෂාවන් සහිත අප දැන් අත්විදින වර්තමානයට ඉතිහාසයෙන් සාධනීය ප‍්‍රයෝජනයක් අත් වන්නේ එවිටය මම පෞද්ගලිකව කල්පනා කරන ආකාරයට අපේ වර්තමාන සමාජය අඩුම තරමින් ඉතිහාසයෙන් ගත යුතු ප‍්‍රයෝජන දෙකක් තිබේ ඉන් පළමුවැන්න තමන් ජීවත්වන මේ රට තමන්ගේ මාතෘභූමිය ලෙස ඒත්තු ගන්වන්නට අවශ්‍ය කරන නිමිති සම්පාදනය කිරීමේ මූලාශ‍්‍රයක් ලෙස භාවිත කිරිමයි දෙවැන්න තමන්ගේ සංස්කෘතියෙන් තමන් අත්විදින වර්තමානයට ලැබී තිබෙන ප‍්‍රවේණිය පැහැදිලි කොට සෑම පුරවැසියෙක්ම ඓතිහාසික වශයෙන් පේ‍්‍රරණය වී ඇති අන්දම පැහැදිලි කිරිමට ඉතිහාසය භාවිතයට ගැනිමයි

කිසියම් රටක වැඩ කරන ජනතාවට තමන් වැඩ කරන්නේ තමන්ගේ මාතාභූමියටය යන හැ`ගීම තමන් තුළ ඇති නොවන තාක් කල් අවංකව සහ කාර්යක්ෂමව දිර්ඝකාලීන ධෛර්යවන්ත ලෙස වැඩ කිරීමේ හැකියාව අත් නොවේ මෙය සෘජුවම අදාල වන්නේ ස්වීය අනන්‍යතාව පිළිබ`ද ප‍්‍රවේශයේදිය තමන් කවුද තමන් පැවතෙන්නේ කාගෙන්ද තමන් වැඩ කරන්නේ කා වෙනුවෙන්ද යන කරුණූ පිළිබ`දව දැනුවත් වීම මෙහිදී උපයෝගි වන්නේ මානසික උත්පේ‍්‍රරක ලෙසිනි මෙවැනි අවශ්‍යතාවකට සංග‍්‍රහ කිරිමේදී සමාජයක් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ අදාල විෂය සම්බන්ධයෙන් වන සත්‍යවාදී යථාවත් දැනුම සම්පාදනය කිරිමයි අතීතය සම්බන්ධ වඩා විද්‍යානුකූල දැනුම අත්පත් කර ගැනීම යන ප‍්‍රවේශය මෙහිදී අතිශයින් තීරණාත්මකය මෙම කරුණ එක් නිදසුනක් මගින් පැහැදිලි කළ හැකිය

අප කා තුළත් මෙරට සංස්කෘතියේ ආරම්භය ගැන පවතින අදහස මු`එමණින්ම වංසකථා මත පදනම් වූවක් බව අපි හො`දින් දනිමු ඉන් කියැවෙන්නේ විජය නමැති ඉන්දීය ප‍්‍රභවයක් ඇති පුද්ගලයෙකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකගේ මෙරට ආගමනය ශ‍්‍රි ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භය වු බවයි මෙම ප‍්‍රවෘත්තිය රචනා වන්නේ මෙරට සමාජයට උතුරු ඉන්දීය සබ`දතාවක අවශ්‍යතාව පෙන්වීමේ වුවමනාව උපරිමයකට පත්ව පැවති අවධියකදීය මහාවංසය රචනා වීම ඇරඹෙන ක‍්‍රිස්තු වර්ෂයෙන් පස්වන සියවස ඉන්දිය සාගරයේ අන්තර්ජාතික වෙළ`දාම එහි උපරිම තලයකට එසැවී තිබුනු අවධියකි මේ වෙළ`ද කටයුතු දියුණු වන අවධියේ ශ‍්‍රී ලංකාවට වඩාත්ම අහිතකර බලපෑම් ඇති වූයේ දකුණු ඉන්දීය පාලකයින්ගෙනි දකුණු ඉන්දීයානුවන් කවරෙකු වුවද සතුරන් සේ දකින්නටත් අවශ්‍ය අවස්ථාවලදී  ඕනෑම උපායමාර්ගයක් භාවිත කොට ඔවුන් පිටු දැකීම සාධාරණිකරණය කිරිමට අවශ්‍ය කරන ආකල්පමය ස්ථාවරය ගොඩ නැගීමටත් අත්තිවාරම සැපයෙන්නේ දකුණු ඉන්දියානුවන් ‘අනෙකා’ ලෙස සිතන්නට සැලැස්විමෙනි එම අරමුණ සාධනය කර ගැනීමට අනුගමනය කළ හැකි හො`දම උපාය මාර්ගය මෙරට ප‍්‍රධාන ජනප‍්‍රවාහයේ ප‍්‍රභවය උතුරු ඉන්දියාවට සම්බන්ධ කිරිමය එය මහාවංසය රචනා කළ අවධියේ පැවති සමාජ-දේශපාලනික අවශ්‍යතාවට හො`දින් ගැලපුනත් දැන් අපට එසේ කල්පනා කිරිමේ අවශ්‍යතාවක් ඇතැයි සාධාරණිකරණය කළ නොහැකිය ඇත්තෙන්ම දැන් අපට තිබෙන වුවමනාව අනෙකා පිටු දැකීම නොව මේ මාතෘභූමිය සහ එහි වෙසෙන කවර තරාතිරමක වුව මිනිසුන්ගෙන් සමන්විත සමාජය දියුණු කොට ලෝකයේ වෙනත් සමාජ ඉදිරියේ අභීතව නිදහස්ව නැගි සිටීමේ වුවමනාවයි එහිදී අපිට අවශ්‍ය වන්නේ අපේ සමාජයේ කා හටත් මේ භූමියට ඇති ප‍්‍රවේණිගත අයිතිය තහවුරු කොට මමත්වය වර්ධනය කිරිමයි මහාවංසයේ විස්තර කෙරෙන විජය ආදි කථා ප‍්‍රවෘත්තිය අප මෙරටට ආගන්තුක වූ සම්භවයකින් පැවතෙන්නන් ලෙස පෙන්වා දීමට වුවත් භාවිත කළ හැකිය මෙවැනි ඓතිහාසික ප‍්‍රවෘත්තිවල එල්බ ගනිමින් ඒවා ඉතිහාසය ලෙසම ගැනිමෙන් අනවශ්‍ය ව්‍යාක_ලතා ඇති විමට වැඩි ඉඩක් ඇති විමට අවකාශ තිබේ ඒ වෙනුවට ඒ මහාර්ඝ ඓතිහාසික ප‍්‍රවෘත්ති හුදකලා කොට තනි සිද්ධි ලෙස සැලකීම පසෙක තබා එවැනි සිද්ධී ගණනාවක් මගින් එළි දකින දිර්ඝකාලින රටා තේරුම් කිරීම මගින් ඉතිහාසය වඩාත් භාවිත මෙවලමක් බවට පත් කළ හැකිය

ඉතිහාසය වර්තමානය ස`දහා ආයෝජනය කරන  ඕනෑම සමාජයක් ඉතිහාසය පිළිබ`ද පර්යේෂණවලට මුල් තැනක් ලබා දිම කළ යුතුය අනවරතයෙන් වර්ධනය වන නව පර්යේෂණ දිශානතින් කලාතුරකින් වුවද සුසමාදර්ශීය පරිවර්තන ඇති කරවන බව අප විසින් තේරුම් ගත යුතුය මෑත කාලයේදී උඩවළවේ නිමිනයේ සිදු කෙරමින් තිබෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණ මෙරට ඉතිහාසයේ ප‍්‍රාරම්භක අවධිය පිළිබ`ද නව දැනුමක් නිර්මාණය කරමින් තිබේ එවැනි පර්යේෂණ මගින් හෙළිවන දැනුම විජයාගමනය වැනි වඩාත් ප‍්‍රචලිත සුසමාදර්ශ පැරණි බවට පත් කොට මෙරට සමාජයේ ආරම්භය පිළිබ`ද නව සුසමාදර්ශ ස්ථාපිත කරයි

මෙහිදී මතක තබා ගත යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ ඉතිහාසය ලබා දෙන්නේ අස්පෘශ ප‍්‍රතිඵල බවයි එය තුලනය කළ හැකිවන්නේ දිර්ඝකාලිනවයි ඉතිහාසය ඉතිහාසය තුළ නොතබා ඉතිහාසය වර්තමානගත කිරිම වෘත්තීය කටයුත්තකි

අයියන්ඩිය බිය නොවන්න මෑරෙනා සෑටි මම පෙන්වන්නම් තුෂාර එන් දස්කොන්

විමල් වීරවංශ, බෑංකි මූන්
සහ ලංකාව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කි මූන් විසින් ශ‍්‍රී ලංකාව පිළිබ`දව කරුණු අධ්‍යයනය කරන්නට පත්කළ කමිටුව පිළිබ`දව රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඊට එරෙහිව හ`ඩ නැගූ ජාතික නිදහස් පෙරමුණ ර`ග දැක්වූ විකට නාඩගම අහවර වූයේ එතෙක් රටතුළ සත්‍යග‍්‍රහ, උපවාස නමින් ක‍්‍රියාත්මක වූ බලපෑම් කණ්ඩායම් වල හා කම්කරු අයිතිවාසිකම් ලබා ගැනීමේ අනිවාර්ය හා අවසාන උපාය මාර්ගික ක‍්‍රමවේදයන් වූ මාරාන්තික උපවාසය නම් වූ කේවල් කිරීමේ අවසාන උපාය මාර්ගික ක‍්‍රමවේදය හෑල්ලූවට ලක්කරමිනි. ඉදින් මින් ඉදිරියට මාරාන්තික උපවාස යනු ජනතාවගේ මෙන්ම පාලක පන්තියේද හාස්‍යයට ලක්වන කරුණක් වනවා විනා ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ හා පාලක පන්තියේ අවධානය දිනා ගැනීමේ මෙවලමක් නොවන බව පැහැදිළිය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වටකරමින් බෑන්කි මූන්ට සිංහලෙන් බැන වැදුණු වීරවංශගේ හැසිරීම් ස්වභාවය රජයේ වගකිවයුතු ඇමැතිවරයකු රාජතාන්ත‍්‍රිකයකු සතු විය යුතු උත්තුංග ලක්ෂණ පසෙකට ඇද දැමූ ගමේ සෝමේ අයියාගේ චණ්ඩි පාට් එකක් පමණක් විය. මුලින්ම තමන්ට දේශපාලන න්‍යාය ඉගැන්වූ පක්ෂය ජෝක් කළ වීරවංශ පසුව මුලූ රටම ජෝක් එකක් බවට පත් කරමින් අයියන්ඩිය බිය නොවන්න මැරෙනාසැටි මම පෙන්වන්නම් යැයි කියමින් මාරාන්තික උපවාසයට ගොඩ වූයේ නූතන මද්දුම බණ්ඩාරගේ චරිතය ර`ග දක්වමිනි. අවසානයේ අයියන්ඩිය අතින් පැන් උගුරක් බී හමුදා රෝහලට ගොඩවී එරියස් යනතුරු ආහාර වළ`දමින් ගෝඨා අයියාට තම වීර කතාව මුල සිට පැහැදිළි කලේය. උපවාසය මාරාන්තික නම් එක්කො තම අරමුණ ඉටු විය යුතුය. එනම් බෑන්කි මූන් විසින් වහාම ඔහු විසින් පත්කළ කමිටුව අහෝසි කළ යුතුය. අඩුම තරමේ එසේ කරන බවට ප‍්‍රකාශයක් හෝ නිකුත් කළ යුතුය. නැතිනම් වීරවංශගේ වීර කාව්‍යය නිමා විය යුතුව තිබුණේ මරණයෙනි. ගමේ ගොඬේ අම්මණ්ඩිලා සොටු ක`දුළු පෙරමින් රූපවාහිනි තිර ඉදිරියේ මෙවන් වීර නායකයකු ගැන මුළු මහත් ජාතියම ආඩම්බර විය යුතු යැයි බයිලා කියති. බෑන්කි මූන් වීරවංශගේ විකට නාටකය දෙස බලා ෂැම්පේන් උගුරක් බී නිහ`ඩව තිබෙන කමිටුව විසිරුවා හැරීම වෙනුවට නව කමිටුවක් හා ලංකාව ගැන සොයා බැලීමට ලේකම් කාර්යාලයක්ද පත් කිරීමට කටයුතු කළේය. දැන් වීරවංශට කියන්නට ඇත්තේ දින තුනක් නිරාහාරව සිටීමෙන් තමන්ගේ බර කිලෝ තුනකින් අඩු වූ බව පම◊ණි. ඔබත් අධික තරබාරුවෙන් පෙළෙන අයෙකු නම් මාරාන්තික උපවාසයක් අරඹන්න. එවිට ඔබේ බර අඩුකරගත හැකිවනු නියතය.
පිකටින්, වර්ජන, සත්‍යග‍්‍රහ හා මාරාන්තික උපවාසයන් යනු එක එකාට හිතු මතේට ජෝක් කර තමන්ට ලකුණු දාගන්නට තිබෙන මෙවලම් නොවන බව මේ ජාති මාමක උදවිය දැන්වත් තේරුම් ගත යුතුය. රටක වැඩ කරන ජනතාව නියෝජනය කරන කම්කරු පන්තිය හට සිය අයිතිවාසිකම් තහවුරු කර ගැනීම උදෙසා පාලක පන්තිය සමග සාමූහික කේවල් කිරීමේ බලය ලබා දෙන ක‍්‍රමවේදයන් ලෙස මේ පිකටින්, වැඩ වර්ජන, සත්‍යග‍්‍රහ හා මාරාන්තික උපවාසයන් ක‍්‍රියාත්මක විය. රටේ ජනතාවගේ ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ වගකීම කරට ගත් රජයක් වැරදි මාර්ගයේ ගමන් ගන්නා විට එය නිවැරදි මාවතට ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙතෙක් මේවා ක‍්‍රියාත්මක වූ අතර ඒවාට යම් සංඛේතීය බලයක්ද රට තුළ ගොඩනැගී තිබුණි. නමුත් වීරවංශලාගේ මේ විකාර රූපී නාඩගම් හරහා ජෝක් වන්නේ මේ රටේ පරමාදර්ශී සංඛේතීය අනන්‍යතාවයයි. මාරාන්තික උපවාස පිළිබ`දව අතීත අත්දැකීම් අපට නැතුවා නොවේ. නමුත් ඒ කිසිම අවස්ථාවක මේ තරම් විකාරයක් බවට මාරාන්තික උපවාස පත් වූ අවස්ථාවක් ගැන අපට මතක නැත. එදා යාපනයේ මාරාන්තික උපවාසයක නියැලූණු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිලිපන් උපවාසය නිසාම මිය යන්නේත් මුළු ශී‍්‍ර ලංකාවම යුද බියෙන් ඇලලී යන්නේත් වසර තිහකට ආසන්න කාලයක් ශාපලත් පාපකාරී යුද්ධයකට අප රට ගොදුරු වන්නේත් මාරාන්තික උපවාසයක පවතින බලය ලොවටම විදහා පාමිනි. නමුත් දින තුනක් උපවාස නාඩගමක නිරත වූ වීරවංශ නාටකයේ තිරරචනය අධ්‍යක්‍ෂණය හා ර`ගපෑම වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මනෝ මූලික ගොඩනැගීමක් මිස සැබෑ ජාතික උවමනාවල් සන්තර්පනය කිරීම උදෙසා බිහි වූ සමාජ ව්‍යාපාරයක අවසන් කේවල් කිරීමේ අවස්ථාව නොවීය. මේ විකට නාටකය හරහා බි`ද වැටෙන්නේ ලෝකය සමග අපට තිබුණු රාජ තාන්ත‍්‍රික සබ`දතා ජාලයයි. එයින් ජෝක් වූයේ මේ රටේ පරමාදර්ශී සංඛේතීය අනන්‍යතාවයයි.
මේ උපවාසය ආරම්භ වූ අවස්ථාවේ පටන්ම විගඩමක් බව සැවොම දැන සිටියෝය. කොටින්ම විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණද තමන් මේ ර`ග දක්වන්නේ විකට නාඩගමක් බව දැන උන්නෝය. සීතාම්බර පටසළුවේ කතාවේ මෙන් රජතුමා හෙළුවෙන් බව සැවොම දුටුවත් එය නොබියව ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවූයේ තමන් බුද්ධිමතුන් බව ලොවට හ`ඩගා කීමට අවැසි වූ බැවිනි. රජතුමාගේ හෙළුව ගැන නොබියව හ`ඩනැ`ගූ කුඩා දරුවා පරිද්දෙන් සත්‍ය ප‍්‍රකාශ කොට මෝඩයකු ලෙස සමාජය විසින් අපට හංවඩු ගසන ලැබුවද කම් නැත. විමල් බලන්නට උපවාස භූමියට පැමිණි මැති ඇමැතිවරුන්ගේ මුවින් පවා ගිලිහුණ එකම වචනය වූයේ මූට පිස්සුද යන්නයි. නමුත් කිසිවකුත් එය මුවින් පිට නොකරන්නට තරම් පරෙස්සම් වූයේ මේ නාඩගමේ නිෂ්පාදනය හා තිරය පිටුපස ජවනිකාවන් නිරූපනය කළේ කවුරුන්ද යන්න හො`දින්ම දැන සිටි බැවිනි. එදා රජ ගෙදර කවටයා නමින් විරුදාවලිය ලත් අන්දරේහට පැවරුණු වගකීම වූයේ රජු සහ ජනයා හිනැස්සීමට විහිළු තහළු කිරීමයි. මෙදා රජු ඉදිරියේ විකට ජවනිකා ර`ගදක්වා නූතන අන්දරේගේ භූමිකාව නිරූපනය කරන්නට වීරවංශට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යයකි. මැතිවරණ වේදිකාවේ සිට මාරාන්තික උපවාසය දක්වා රජු සනසන කවටයාගේ භූමිකාව ර`ග දැක්වූ බොහෝ උදවිය අද වනවිට ඉහළ අමාත්‍යංශවල බලධාරීන් බවට පත්වී අවසන්ය. ලංකාවේ ඡුන්ද දායකයන්ගේ ස්වභාවය මුළුමනින්ම පෙරට වඩා වෙනස් වී ඇත. එදා මැර බලයට ¥ෂණයට භීෂණයට විරුද්ධව අභීතව හ`ඩ නැගූ අයෝමය පුරුෂයන් වෙනුවට විකටයන් වැඩිම මනාපයෙන් මැති සබයට යවන්නට ඡුන්ද දායකයා තීරණය කරන්නේ මන්ද. ඒ මේ යුගයේ ස්වභාවයයි. ධනවාදයේ තුන්වන කාර්තුව පසු කරමින් ගමන් ගන්නා මේ සමාජය මුළුමනින්ම ඝනීභවනය වී අවසන්ය. වීරයා මිය ගොස් සිටින නිසා සහ පරමාර්ශී තවදුරටත් නොමැති නිසා ජනතා මනාප වීරයාගේ සිට විකටයා දෙසට පොලා පැන ඇත. දැන් මේ රටට අවශ්‍යව ඇත්තේ අළුත් වීරයෙක් නමුත් බිහිව ඇත්තේ විකටයන්ගෙන් පිරි වල් වැදුනු සමාජයකි. ජාත්‍යන්තරය ඉදිරියේ සිය කොදෙව් මානසිකත්වය හා ජාතිවාදී ගෝත‍්‍රවාදී මානසිකත්වය ප‍්‍රදර්ශනය කරන විකට කණ්ඩායමට නායකත්වය දෙන්නට වීරවංශට හැකි අතර ගමන පසුපසින් ගමන් කරන්නට එල්ලාවල මේධානන්දට හා චම්පික ඇතුළු ජාති මාමක බලවේගවලට හැකිය.
ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇතිවී තිබෙන කථිකාවට විරුද්ධව ප‍්‍රති කථිකාවක් ගොඩනැංවිය යුත්තේ රාජතාන්ත‍්‍රික හා දේශපාලනික සවිඥ්ඥානිකත්වයකින් යුතුවය. එසේ නොමැතිව එක්සත්ජාතීන්ගේ මූලස්ථානය වටකොට එහි සේවය කරන අහිංසක ශ‍්‍රී ලාංකිකයන්හට අඩම්තේට්ටම් කළ හූ කියා පළවා හැරීම ගෝත‍්‍රවාදී කොදෙව් මානසිකත්වය පිළිබිඹු කළ ගොංපාට් එකක් විනා අන් යමක් නොවේ. විමල්ට නොතේරෙන
රාජතාන්ත‍්‍රික සබ`දතාවල වටිනාකම අවබෝධ කරගන්නට අඩුම තරමේ ලක්ෂ්මන් කදිර්ගාමර් හෝ යළි ඉපිද ඔහුට මේ බව ඉගැන්විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු හුදෙක් රටක් හෝ ජාතියක් නියෝජනය කරනු ලබන සංවිධානයක් නොවේ. එය සමස්ත ලෝක ප‍්‍රජාවගේම හිත සුව පිණිස ජාතීන්ගේ එක`ගතාවයන් මත ගොඩ නැ`ගුණු සංවිධානයකි. පළමු ලෝක යුද්ධයෙන් පසු යළිත් වතාවක් ඇති වූ දෙවන ලෝක යුද්ධය මේ ලොව තුළ ජීවත් වූ සමස්ත මානව හිතවාදී මිනිස් සිත්සතන් සසළ කරනු ලැබීය. හිට්ලර්ගේ යුදෙව් විරෝධී ජාතිවාදී හැ`ුගුමන් නිසා ලක්‍ෂ සංඛ්‍යාත අහිංසක යුදෙව්වන් ගෑස් කාමර තුළ අවසන් ගමන් ගියහ. මෙයින් කැළඹිල්ලට පත් ලෝක ප‍්‍රජාව යළිත් එවන් ජාතිවාදී, වර්ගවාදී, ගෝත‍්‍රවාදී ව්‍යසනයන් ලොව තුළ ඇතිවීම වළක්වනුවස් මුලින් ජාතීන්ගේ සංගමය නම් සංගමයක් බිහි කරනු ලැබීය. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් තවදුරටත් වඩා වර්ධනය කරනු ලැබීය. එය හුදෙක් එක් ජාතියක හිත සුව පිණිස නොව සමස්ත ලෝ වැසි ජනතාවගේ ම අයිතිවාසිකම් තහවුරු කරනු උදෙසා බිහි වූ සංවිධානයකි. මේ වනවිටත් ලෝකයේ බහුතර රටවල් ගණනාවක් මෙහි සාමාජිකත්වය ලබා තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සේම ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු කරනු වස් වසර පනහකට වැඩි කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉටු කළ සේවය උත්කෘෂ්ටය. සුඩානයේ මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කළ අවස්ථාවේදී මෙන්ම සොලබොදාන් මිලසොයිවිච් යුගෝස්ලෝවියාව තුළ සිදුකළ දරුණු මානවහිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණ පිහිටුවා වරදකරුවන්ට ද`ඩුවම් කිරීමේ වගකීම කරට ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. යම් අවස්ථාවන්වලදී එක්තරා දුරකට බලවත් රටවල උවමනාවන් අනුව යමින් කටයුතු කරනු ලැබුවද සමස්තයක් වශයෙන් ගත්කළ එය ලෝකයේ දුක් විඳින පන්තයේ සුළු ජාතික අයිතිවාසිකම් තහවරු කිරීම උදෙසා ඉටු කළ සේවාව හෑල්ලූවට ලක් කළ නොහැකිය. අනෙක් අතට අප රටේ මෙන් නොව දියුණු රටවල ජනතාව දේශපාලනිකව ඉතාමත් සවිඥ්ඥා◊නික බැවින් පාලක පන්තියට වැරදි කිරීමට තිබෙන ඉඩකඩ සීමිතය. අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔබාමාට තිබූ ජනප‍්‍රියත්වය මේ වනවිට 40%කින් අඩුව තිබීම ඊට කදිම නිදසුනකි. සාමාන්‍යයෙන් ඡුන්දයක් වරක් දෙවරක් පරාද වූ පසු හෝ තම අතපසුවීමක් නිසා රටේ කීර්තියට යම් හානියක් සිදුවූ අවස්ථාවක සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමේ දේශපාලන විනයක් බටහිර රටවල මිනිසුන්ට තිබුණද සෞඛ්‍ය ෙක්‍`ෂ්ත‍්‍රය මුළුමනින්ම වලපල්ලට ඇද වැටෙද්දී දිගින් දිගටම අමාත්‍ය ධුරය දරන්නට හැකි ඇමැතිවරුන් මෙන්ම 13න් වතාවක් පරාජය වෙත්දීත් විලි බිය නොමැතිව විපක්ෂ නායක ධුරය දරන්නට හැකි උදවිය සිටින අප වැනි රටක මෙවන් නාඩගම් සිදුවීම අහම්බයක් නොව අනිවාර්යයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ බෑන්කි මූන්ට ලංකාව සම්බන්ධයෙන් පුද්ගලික වෛරයක් තිබිය නොහැක. ඔවුනට ලංකාව යනු තවත් එක් රටක් පමණි. මේ රටේ ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර වගකීම භාරව ඇත්තේ බෑන්කි මූන් වෙතයි. ඒ අප විසින් 1987 දී එක`ග වී අපරානුමත කළ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබ`ද ප‍්‍රඥප්තිය මතින් ඔහුට පැවරී තිබෙන වගකීම ප‍්‍රකාරවයි. විමල් කියන පරිදි අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ තුළින් ලංකාවේ ස්වෛරී භාවයට එක්සත් ජාතීන්ගේ සංවිධානය අත පොවන්නට උත්සාහ කරනවා යැයි කියමින් මේ ප‍්‍රශ්නය පටු දේශපාලන උවමනාවන් මත ලඝු කරන්නට අපට නොහැකිය. අප විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජිකත්වය ලබා ගත් පසු එම ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීමේ වගකීම නීතියක් වනවා සේම සදාචාරාත්මක වගකීමක්ද වන්නේය. ජාත්‍යන්තර ප‍්‍රඥප්තියෙන් ක‍්‍රියාත්මක වන්නේ නීති රීති මත නොව ජාතීන්ගේ අන්‍යෝන්‍ය එක`ගතාවය මතයි. පක්ෂය තුළ විනය ගතව හැදෙන්නට අපොහොසත් වූ විමල්ට ජාත්‍යන්තර සංවිධානයක විනය ගැන කොහෙත්ම නොතේරීම පුදුමයට කරුණක් නොවේ. තමන්ට වඩා පොරවල් ලෝකයේම නැතැයි සිතා සිටින මෙවැනි උදවියට ලෝකය යනු තම පෞද්ගලික අරමුණු මත ගොඩනැගුණක් නොව සමස්ත මානව වර්ගයාගේම යහපත මත ගොඩනැගුණක් බව අවබෝධ කරදිය යුතුය. ලංකාවට යුරෝපා සංගමය මගින් ඨීඡුූ බදු සහනය තවදුරත් ලබානොදීමට තීරණය කොට ඇත. ජාති මාමක ශ‍්‍රී ලාංකීය බලවේග කියා සිටින්නේ බටහිරයන්ගේ ඩොලර්වලට වඩා රටේ ස්වෛරී භාවය උතුම් බවයි. නමුත් යුරෝපා සංගමය කියා සිටින්නේ ඨීඡුූ සහනය ලබා දෙන්නට නම් රට තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබ`ද හා ළමා අයිතිවාසිකම් පිළිබ`ද ප‍්‍රඥප්තීන් ක‍්‍රියාවට නැංවිය යුතු බවයි. නීති විරෝධී අත් අඩංගුවට ගැනීම්, ර`දවා තබා ගැනීම් ඇතුළු මානව නිදහසට බාධා කරන දෑ ඉවත් කළ යුතු බවයි. යුරෝපා සංගමය මේ ඉල්ලා සිටින්නේ මේ රටේ දිවි ගෙවන ඔබගේ සහ මගේ මෙන්ම අපගේ දරුවන්ගේ අයිතිවාසිකම් ස්ථාපිතකොට රට තුළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවන තත්ත්වයකට රටේ දේශපාලන වාතාවරනය සකසන ලෙසයි. මෙරට පුරවැසියන්ගේ අතියිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා යුරෝපා සංගමය කරන ඉල්ලීම ස්වෛරීභාවයට තර්ජනයක් වන්නේ කෙළෙසදැයි යන්න උභතෝකෝටිකයකි.
වීරවංශගේ විකට නාටකය හමුවේ අවසානයේ ලෝක ප‍්‍රජාව ඉදිරියේ හෑල්ලූවට ලක්වූයේ අපේ රටේ අභිමානයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් ලෙසකින් ලංකාවට යුධ අපරාද චෝදනා ඉදිරිපත් කරමින් යුද්ධයේදී සිදුවූවා යැයි කියන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබ`දව සොයා බලන්නට වෙනමම අධිකරණ විනිශ්චය සභාවක් පිහිටුවා එය ඉදිරියට ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ගෙන යන්නට උත්සාහ කළහොත් එය රටේ ස්වෛරීභාවයට සෘජු තර්ජනයක් බව පැහැදිළිය. එවන් දෑ හිතුමතේට කරන්නට ඉඩ දී නිහ`ඩව බලා සිටින්නට තරම් මේ රටේ ජනතාව මන්ද බුද්ධික නැත. ඇත්ත ගැටළුවට නිවැරදි පිළිතුරු සොයන්නටත් රටේ ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කරන්නට අප සූදානම්ය. නමුත් ලෝකය සම`ග අපට තිබෙන රාජ තාන්ත‍්‍රික සබ`දතාවයන් දේශපාලන විකට ජවනිකා මගින් විනාශ කර දමන්නට තවදුරටත් ඉඩදිය හැකිද? දේශපාලන මුදලාලිලාගේ සිල්ලර අවශ්‍යතාවයන් හමුවේ රටේ අභිමානය හෑල්ලූවට ලක් කිරීමට අප කවදත් විරුද්ධය. ව්‍යාජ ජාති මාමක භාවයට වඩා සැබෑ දේශපේ‍්‍රමී හද තුළ පුරවා ගත් සවිඥ්ඥානික දේශපාලනික දැක්මක් සහිත මිනිසුන් තවත් මේ පොළවේ දිවි ගෙවන බව විකට ජවනිකා ර`ග දක්වන්නන් අවබෝධ කරගත යුතුය.
අවසන් ලෙස අපට කීමට ඇත්තේ තමන්ගේ ගොංපාට් තමන්ගේ ගෙදරට සීමා කරගනිමින් ජීවත්වීමට වග බලා ගන්නා ලෙසයි. නැතිනම් ලෝක ප‍්‍රජාව හමුවේ දිනෙන් දින ශ‍්‍රී ලංකාව යන නාමය විකට රූපයක් වනවා විනා ශ‍්‍රී ලාංකීය අභිමානය වඩා වර්ධනය කර අභිමානවත් ජාතියක් ලෙස අපට දිවි ගෙවන්නට නොහැකිවනු ඇත. රටට සැබැවින්ම අදරේ කරන මාතෘ භූමියේ අභිමානය දිවිහිමියෙන් සුරකින්නට ඇප කැප වෙන්නට කැමැති දේශපේ‍්‍රමීන් ලෙස අපට කීමට හැක්කේ මේ රට එක එකාට ගොංපාට් දමන්නට තිබෙන කෝලම් මඩුවක් නොවන බවයි. රට යනු පක්ෂයක් හෝ සමාගමක් හෝ නොවේ. රට යනු සියළු ජාතීන්ගේ එකමුතුවෙන් ගොඩ නැ`ුගුණු මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරනු ලබන අනාගත පරපුර සතු උරුමය ඒ උරුමය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියට ගෙන යන්නට මතු පරපුරට උරුමකර දීම දේශපේ‍්‍රමී ජනතාවගේ පරම යුතුකම බව අවබෝධ කරගත යුතුය

ආශ්චර්යයෙ උබතොකොතිකය

ආශ්චර්්‍යයේ උභතෝකෝටිකය .

යුධ නිමාවකින් අනතුරුව සංවර්ධනය පිළිබඳ මාතෘකාව වත්මන් ආණ්ඩුවෙි ප‍්‍රධාන කථිකාව බවට පත් වී තිබෙි.  දේශපේ‍්‍රමයෙන් කිතිකැවුන සමාජ පරිසරයක් තුළ කෙරෙණ මෙම සාකචිඡුාවට යමි එකතුවක් කිරීම මෙම ලිපියේ අරමුණ යීි. ප‍්‍රධාන වශයෙන් ආර්ථිකමය ආකෘතියක් වන බටහිර සංවර්ධන ආකෘතිය ශි‍්‍ර ලංකාවට භාරගන්නේ නමි අප මුහුණ දී සිටින ආර්ථික ප‍්‍රශ්ණ ගැන සාකචිඡුා කිරීමට ප‍්‍රථම සංවර්ධනය යන සංකල්පයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිළි කර ගැනීම ඉතාම වැදගත්ය. දේශපාලනඥයින් හා ආර්ථක උගතුන් පමනක් නොව  සාමාන්‍ය කමිකරුවන් පවා සංවර්ධනය පිළිබඳව අදහස් දක්වන විට ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ඉදිිරිපත් කරමින් කථාකරණු  අපිට අසන්නට ලැබෙි මෙවන් අවධියක සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරගැනීම කවරදාකටත් වඩා අත්‍යවශ්‍යය. සංවර්ධනයේ තේරුම (ඔයැ ඵැ්බසබට දෙ ෘැඩැකදචපැබඑ* යන සිය කෘතියෙහි සංවර්ධනය යන සංකල්පය අර්ථ විවරණය කිරීමෙහි ලා ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ඩඩිලි සියර්ස් මූලික ප‍්‍රශ්ණ කිහිපයක් මතු කරයි. ආර්ථික සංවර්ධනයත් සමග දුප්පත්කමට කුමක් සිදුවී ද? යන්න ඔහු මතු කරණ පළමුවැනි ප‍්‍රශ්ණයයී. දෙවැන්න විරුකියාවට කුමක් සිදුවී ද? යන්නය. තෙවැන්න ඇති නැති පරතරයට කුමක් වී ද? යන්නයී. මෙි අනුව අපිට පැහැදිළි වන්නේ රටක ආර්ථික වර්ධන වෙිගය මෙන්ම ඒක පුද්ගල ආදායම දෙගුනයකින් ඉහල ගිය ද මෙි හා බැඳුණු අනෙකුත් ප‍්‍රශ්ණ එකක් හෝ සියල්ලම අහිතකර අන්දමින් උග‍්‍රවෙන් පවතින්නේ නමි එම රට සංවර්ධනයේ ප‍්‍රතිඵල අත්කර නොගන්නා බවය. වෙනත් ආකාරයකට පවසන්නේ නමි සංවර්ධනය අත්කර ගැනීමට නමි ආර්ථික වර්ධනයත් සමගම එහි ප‍්‍රතිලාභ ඉහලසිට පහලට ගලාගොස් විරුකියාව තුරන් වී දුප්පත්කම නැති වී ආදායමි විෂමතාවය අවම විය යුතුය යන්නයී. මෙි රට සංවර්ධනය කිරීමට නමි දුප්පත්කම හා විරුකියාව තුරන් වී ආදායමි පරතරය අවම වන ආර්ථික ප‍්‍රතිපත්තියක් මත අවම වශයෙන් වසරකට 8%-10% සංවර්ධන වෙිගයක් අඛන්ඩව වසර 8 ක් වත් පවත්වාගෙන යා හැකි ආර්ථික උපාය මාර්ගයකට අප අවතීරණ විය යුතුය.

අනිකුත් ප‍්‍රශ්ණ පසෙක තිබිය දී සංවර්ධනයේ වෙිගය ව්‍යුක්ත ලෙස ගනු ලැබූවත් අප රටෙි නිදහසෙන් පසු මෙි දක්වා සමස්ථයක් ලෙස ගත්කළ සංවර්ධන වෙිගයේ සාමාන්‍යය 4%-4.5% ඉක්මවා නැත. ශි‍්‍ර ලංකාව කිසිදාක දියුණු නොවන නමුත් සදාකාලිකවම දියුණු වෙමින් පවතින රටක් ලෙස පවතින බව තහවුරු කිරීමට මෙම දත්තයම ප‍්‍රභල සාධකයකි.

නිදහස් වෙළඳපොල ආර්ථිකයේ ක්ශේෂ පත‍්‍රය

නිදහසින් පසු 1976 වනතුරු අපි අභ්‍යන්තර අභිමුඛ ආර්ථික උපාය මාර්ගයක් අනුගමනය කලේමු. 70 දශකයේ මැද භාගයේ සිට ක‍්‍රමයෙන් අපි එයින් බැහැර වී භාහිර අභිමුඛ උපාය මාර්ගය වැළඳගත් අතර රාජ්‍ය මැදිහත් වීමෙන් අප අත්කරගත් ප‍්‍රතිලාභ සමිපුර්ණයෙන්ම අමතක කළේය. මගහැරීමට අපහසු නව ලිබරල්වාදයේ නැගීමත් සමග   ජාත්‍යාන්තර තලයේ ඇති වූ වෙනස්කමි ද මෙයට පසුව බලපෑ නමුත් වැරදි වටහාගැනීමි මත වෙළඳපොළ විසින් අපගේ සංවර්ධන කටයුත්ත සිදුකරණුු ඇතැයි අපු බලාපොරොත්තු වුයෙමු. එම කටයුත්ත ඉටුවීම කෙසේ වෙතත් එම උපාය මාර්ගය තුලින් විශාල ණය බරක් සමග රටක් ලෙස ඉතා අහිතකර ආර්ථික හා සමාජ ප‍්‍රතිවිපාකයන්ට අපි අද මුහුණ දී සිටින්නෙමු. මෙවැනි ලිපියකින් මෙි පිළිබඳව දීර්ග ලෙස සාකචිඡුා කිරීමට අවසරයක් නොමැති නමුත් පසුගිය දශක තුනක පමන කාළය තුල මෙරට ආර්ථිකයේ ඇතිවූ ව්‍යුහිය වෙනස් කමි මෙන්ම එහි සමාජ පල විපාක පහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් සාරංශව පැහැදිළි කළ හැක.

දළ දේශිය නිශ්පාදිතයේ ආංශික සංයුතියෙ ඇති වු වෙනස්කමි

1950    1977    2004    2005    2006
කෘෂිකර්මය    46    36    17.9    17.2    16.8
කාර්මික    20    22    26.5    27.0    27.0
සේවා    34    42    55.7    55.7    56.2

ඉහත දත්ත ආශිත නිරීක්ෂණ මෙසේ ය

1    දළ දේශිය නිශ්පාදිතයේ ආංශික සංයුතිය තුළ කාලයත් සමග කෘෂි අංශයේ සාපේක්ෂ දායකත්වය අඛන්ඩව පහල යෑම.
2    කාර්මික අංශයේ සාපේක්ෂ දායකත්වය ක‍්‍රමයෙන් ඉහලගොස් එය ආසන්න ලෙස දළ දේශීය නිශ්පාදනයට කරණ දායකත්වය %27ක් වැනි අගයක පැවතීම.
3    සේවා අංශයේ ආංශික සංයුතිය කාළයත් සමග ඉහළ ගොස් 2006 වන විට 56% ක ප‍්‍රමානයේ අගයක් ගැනීම.

භාහිර අභිමුඛ ආර්ථක  ප‍්‍රතිපත්තීය මගින් ඇතිකරණ ඉහත දැක්වෙන ව්‍යුහීය වෙනස්කමි සමග අප රටෙි දරිද‍්‍රතාවයට, විරුකියාවට මෙන්ම ඇතිනැති පරතරයට කුමක් වී ද? යන්න පහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් මීලගට අපිට නිරීක්ෂණය කලහැක.

ශ‍්‍රි ලංකාවෙි දරිද‍්‍රතාව ප‍්‍රමානය 2002 දරිද‍්‍රතා රේඛාව කිලෝ කැලරි 2030ක අවම පෝෂණ මටිටමක් ලබාගැනීම සහතික කෙරෙන ඒකපුද්ගල මාසික ආදායම රුපියල් 1423 ට අඩු ප‍්‍රතිශතය 19%ක් වෙි. මෙි අනුව ශ‍්‍රි ලංකාවෙි ජනගහනයෙන් 20% ක එනමි 1/5 ක් දරිද‍්‍රතාවයෙන් පෙළෙන බව පෙනේ. උතුරු නැගෙනහිර තත්වය මීට ඇතුලත්ව නොමැති අතර එම ප‍්‍රදේශවල ජීවන තත්වය සැලකිල්ලට ගතහොත් සැබැ දරිද‍්‍රතා අනුපාතය මීටවඩා බොහෝ සෙයින් වැඩිවනු ඇත. ශ‍්‍රි ලංකාවෙි ග‍්‍රාමීය අංශයේ දරිද‍්‍රතාවය නාගරික දරිද‍්‍රතාවයමෙන් දෙගුනයකටත් වඩා වැඩිය. නාගරික හා වතු අංශයේ දරිද‍්‍රතාවය  ප‍්‍රතිශත පිළිවෙළින් 9% ක් සහ 4% ක් වෙි. මෙි අනුව පෙනී යන්නේ සේවා සැපයීමෙන් කොතරමි විදේශ වීනිමය උපයන්නේ වී නමුත් ඒ තුළින් සංවර්ධනය අත්කර ගැනීමට අප අසමත්වී ඇති බවයී.

ආදායමි ව්‍යාප්තිය සලකා බැලුවොත් ශ‍්‍රි ලංකාවෙි ඉහලම ආදායමි ලබන 10% මුලු ආදායමෙන් 39.7% ක් ලබන අතර පහලම ආදායමි ලබන 10%  ලබන ප‍්‍රතිශතය 1.1 කි.  තවත් මෙය පැහැදිළි කලහොත් මෙි රටෙි මුලු ආදායමෙන් අඩකට වඩා එනමි 55.1 ඉහලම ආදායම ලබන්නේ 20% ක පිරිසක. මෙි අනුව ආදායමි ව්‍යාප්තියේ ඇති විෂමතාවය තේරුමිගත හැක.

විදේශ විනීමය ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තා ශ‍්‍රමිකයින්  විසින් උපයනු ලබන්නේ වී නමුත් හොඳ පාසැල් හොඳ රෝහල් මෙන්ම අනිකුත් පහසුකමි අග නගරය කේන්ධි‍්‍රයව සිදුවෙි. අඩු අවදානමක් සහිත වැඩි ආදායමක් ලබන වානීජ ප‍්‍රාග්ධනය මගින්  මෙ ආකාරයට ගම සූරාකනු ලබයී. අප රටෙි ඇත්ත නිශ්පාදනය ස්ථානගතවී තිබෙන් කොළඹින් බැහැරව වන හෙයින්  අනපේක්ශතව ඇතිවන සුනාමියක් වැනි ව්‍යසනයකින් කොළඹ නගරයට යමි හානියක් සිදුවුවත් ශ‍්‍රි ලංකාවෙි ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුවන්නේ නැත. කොළඹ නගරය  අපගේ විදේශවිනිමය ඇතුලු සියලු ඉපැයීමි කාබාසිනියාකරණ කුමාර පුරවරයකි. ඉහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් පැහැදිළිවන ප‍්‍රධාන කරුණ වන්නේ ශ‍්‍රි ලංකාවෙි දරි‍්‍රද‍්‍රතාව ග‍්‍රාමීය ප‍්‍රපංචයක් ලෙස එසේම තවමත් පවතින බවයී.

කෘෂිකාර්මික ගැටලුව

ශි‍්‍ර ලංකාවෙි දේශපාලනඥයින්ට හරබර වචන වල හිගයක් නොමැත්තාසේම අප රටෙි අර්ථික උගතුන්ටද ආර්ථක විද්‍යාවෙි ගාමිභිර වචන වල හිගයක් නැත.. හෙයින් වර්ධන වෙිගය පිළිබඳ නොයෙක් තර්ක ඉදිරිපත්කරමින් ජනතාව නොමග යැවීමට  පහසුය. නමුත් මා කළ පර්යේශණ වලට අනුව නමි සංවර්ධනයේ වෙිගය පිළිබඳව ඉදිිරිපත් කෙරෙණ දත්ත කෙසේ වෙතත් මුලික වශයෙන් කෘෂිකාර්මික රටක් ලෙස වී වගාව පමු‍්‍රඛ ශි‍්‍ර ලංකාවෙි කෘෂිකර්මය තවමත් පූර්ව ධනවාදීි නිශ්පාදන රටාවෙන් මිදීමට හෝ සමත් වී නැත. දෙකන්නය වී වගා වගාකරණු ලබන  මෙරට ගොවියා එම කාර්්‍යයේ නිරත වන්නේ උපරිම ලෙස මාස හතරක පමණ කෙටි කාළයකි. වසරේ ඉතිරි මාස අට වෙනත් ඉපැයීමි මාර්ගයක් නොමැති හෙයින් ඔහුට නිකරුණේ  කාළය ගත කිරීමට සිදුවී තිබෙි. මෙි නිසා සහනාධාර වලට අමතරව වසරක් පුරා ගොවියා ජීවත්කරවීම සඳහා සහතික මිලක් නියම කර ඔහුව ජීවත් කරවීමට රජයට  සිදුවී තිබෙි. ඉඩමට බැඳ තිබූ ප‍්‍රවෙිනි දාසයා ආරක්ෂා කීරීමට ඉඩමි හිමියාට තිබුුණු වගකීම බඳු වැඩවසමි නිශ්පාදන සබඳතාවයක් මෙි තූළ පවතින බවට වැටහීමක් නැති කෙනෙකුට ගොවියා ආරක්ෂාකර ගැනීමට රජය ඉදිරිපත්වීම යහපත් දෙයක් ලෙස පෙනීයා හැක. නමුත් ඒ වෙනුවට කෘෂි ආර්ථිකයේ පවතින අතිරික්ත ශ‍්‍රමය නිශ්පාදනයට යොදාගැනීමට හැකිවන ආකාරයේ වෙනස්කමි මගින් ගොවියාගේ ආදායම වැඩිකිරීමට පියවර ගැනීම සංවර්ධනය පැත්තෙන් ගත් කළ ඊටත් වැඩිය යහපත්ය.

අනිත් ප‍්‍රශ්ණය වන්නේ මෙරට ගොවියා ණය හබයක සිරවී සිටීමය. නිශ්පාදන කටයුතු සඳහා පමනක් නොව අස්වනු නෙලනතුරු තම පවුලේ වියහියදමි සඳහා ණය වීමට මෙරට ගොවියාට සිදු වී ඇත. කන්න අවසානයේ ණය හිමියාට පොළියත් සමග තම කමතේ දීම ගොවියා අස්වැන්නෙන් ණය පියවයි.  මූල්‍ය සංසරණයක් නොමැති පූර්ව ධනේශ්වර යුගයේ පැවති  භණ්ඩ හුවමාරු ක‍්‍රමයටය මෙය වෙනස් නොවෙි. අනිත් අතට ශි‍්‍ර ලංකාවෙි පවතින කෘෂි බිමි කැබලි අතිශයින් කුඩාවීම ආදායමි ලැබීමට බාදාවක් බවට ඇති මතයේ යමි සත්‍යයක් ඇත.. නමුත් බිමි කටිටි කුඩාවීම ආදායමි ලැබීමට බාදාවක් නොවන බව යාපනයේ වෙසෙන ගොවියාගෙන් අප ඉගෙන ගත යුතුය.  ලුණු පස්තටිටුව ඉවත්කර බැහැර ප‍්‍රදේශ වලින් පවා පස් රුගෙන ගොස් තම බිමිකඩ සරුකරගන්නා යාපනය ගොවියා කෘෂිභාණ්ඩ නිපදවුන්නේ වෙලඳපොළ සඳහාය. රජයේ සේවකයින්ට අමතරව යටත් විජිත යුගයේ දී මැලේසියාවෙි සේවය සඳහා ගොස් පැමිණි විශ‍්‍රාමික සේවකයන් ඔවුන්ගේ ආරමිභක පාරිභොගිකයින් විය. අභ්‍යන්තරිකවම ස්වයංජනිත ආර්ථිකයක් මෙන්ම ලාභ ලැබිය හැකි ඔවුන්ගේම වෙළඳ පොලක් යාපනයේ නීර්මානයවුයේ මෙි ආකාරයටය.  එහෙයින් යාපනයේ කෘෂිකර්මය නිදහස ලබනවිටද ධනවාදී වීය.  1948 දී එමර්සන් ටෙනන්ටි විසින් vමාර්කටි ගාඩින්v නමින් හැඳින් වූ මෙම නිශ්පාදන ක‍්‍රමය එංගලන්තයේවත් නොතිබුණුබව බව පවසා ඇත.

දකුනේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පවතින මෙම පසුගාමිත්වය තුරන් කිරීමට නමි කාර්මික අංශය තුළ ඇතිකරණ පෙරළියක් තුළින් කෘෂිකාර්මික අංශයේ පවතින ඌන සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තියක් ඇතිකළ යුතු වෙි. ජපානය ඉන්දියාව වැනි රටවල කෑලි ක‍්‍රමයට ඇතැමි කාර්මික නිශ්පාදන ග‍්‍රාමිය මටිටමෙන් සිදු කෙරේ.  මෙි මගින් ගොවියාගේ ආදායමි සරුවන වී ගොවියා නය බරින් නිදහස්වන අතර අස්වැනින සඳහා කෘතීමලෙස සහතික මිළ නියම ගොවියා රුක ගැනීමට අමතර පිරිවැයක් දුරීමට රජයට අවශ්‍ය නොවනු ඇත. පිරිවැය අඩුවන්නේ නමි සහල් ඇතුලු අනෙකුත් කෘෂිනිශ්පාදනවල  මිල අඩුවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවෙි. මෙි සඳහා වන වෙළඳපොළ, කාර්මික හා අනිකුත් සේවා සපයන අංශවල පාරිභොගිකයින්ගෙන් නිර්මානය වන අතර අභ්‍යන්තර වෙළඳපොළ ප‍්‍රමානවත් නොවන්නේ නමි ඒවා අපනයනය කිරීමට කිසිදු බාදාවක් නැත. ඇතැමි අවස්ථා වල දී සහල් නැවක් පිටරට යැවු බවට පල වූ ප‍්‍රවෘත්ති අපි අසා ඇත්තෙමු. තම පාලනය යටතේ රට ස්වයංපෝශිත වී අතිරික්තය අපනයනය කරණ බව පෙන්වීමට දරණ බොළඳ උත්සහයන්ට වඩා වැඩි දෙයක් මෙිවායේ නැත. අප වැඩියෙන් සහල් නිශ්පාදනය කලත්  අපෙන් සහල් ගැනීමට කිසිවෙක් ඉදිිරිපත් වන්නේ නැත, එසේ වන්නේ ඔවුන්ට සහල් අනවශ්‍ය නිසා නොව දැනට පවතින අපගේ මිල ගනන් වලට සහල් ඔවුන්ට අනවශ්‍ය නිසාය.

කාර්මික සංවර්ධනය

කාර්මික සංවර්ධනයක් ඇතිකරගැනීමට නමි නිදහස් වෙළඳ පොළ මගින් රට සංවර්ධනය වෙනවාය යන මිත්‍යාවෙන් ප‍්‍රථමයෙන්ම අප ගැලවිය යුතුය. සිදුවුයේ කුමක්ද යන්න හරි වැටහීමක් නොමැතිව කරණ ප‍්‍රකාශ බැහැර කර නැගෙනහිර ආසියාවෙි ඇත්තටම සිදුවුයේ කුමක්ද යන්න අප විසින් තේරුමි ගත යුතුය. කාර්මික සංවර්ධනයේදී රජයේ වග කීම අත් නොහැරිය නැගෙනහිර ආසියාවෙි රටවල් කාර්මික අංශයේ ආායොජනය තම වගකීමක් ලෙෂ රජය භාරගත්හ. උදාහරණ ලෙස ජපානයේ ටොයොටා කර්මාන්තයද දකුණු කොරියාවෙි පොස්කෝ කර්මාන්තය පමනක් නොව පින්ලන්තයේ නොකියා ජංගම දුරකථන කර්මාන්තයද මුලදී රජයේ ආයෝජනයන් විය. ඇගලුමි හා හවරි කර්මාන්තයෙන් තම ගමන ආරමිභ කළ දකුණු කොරියාව පොස්කෝ වානේ කර්මාන්තය හරහා ලෝකයේ නැවීතැනීමෙි ප‍්‍රධාන ප‍්‍රධාන රටක් බවට පත් වී තිබෙි. නමුත් ඇගලුමි කර්මාන්තය ආරමිභකොට දශක තුනකට වැඩි කාාලයක් ඉක්මවා ඇති ඇති නමුත් අඩුමතරමෙි බොත්තමක් හෝ නිපදවීමට අප උත්සහ දරා නැත. මෙය අතපසු වීමකන් සිදුවන වැ?ද්ද නොව වානීජ ප‍්‍රාග් ධනයේ ස්වභාව නිරූපි අංග ලක්ෂණයකි..

ආර්ථක සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් ආයා අමිමලා වැනි නොපුහුණු ශ‍්‍රමිකයින් පිටරට පටවා හෝ නැති නමි සංචාරකයෝ මෙරටට ගෙන්වා විදේශ විනීමය ඉපැයීම වැනි කරුනකට ලඝු කල හැකි දෙයක් නොවෙි. සංවර්ධනය යනු මෙතෙක් රට තළ නොතිබුණ දෙයක් නිපදවීමත් එය තුලින්  විවිධ  නිශ්පාදනයන් අනවරතව නිර්මානය වීම මෙන්ම ඒ හා බැඳුණ යහපත් සමාජ හා දේශපාලන වෙනස්කමි ඇතිකරණු ලබන්නා වූ කි‍්‍රයා වලියක් සමග බැඳී පවතින්නකි. සාමාන්‍ය ජනතාවට නොතේරෙන ආර්ථක විද්‍යාවෙි ගාමිභිර වචන වලින් පවසන්නේ නමි වැඩිවෙන පරිමානානුකූල ඵල හා පොකුරු පලවිපාක දෙන කාර්මික නිශ්පාදනයන්ට ගමන් කිරීම තුළින් ඇතිකරණු ලබන අනාගතවාදී සමාජ හා දේශපාලණ විපරිවර්තනයකි. නැගෙනහිර ආසියාවෙි සංවර්ධනයේ රහස ඇත්තේ මෙතනය. එම රටවල් අප සිතන ආකාරයට නිදහස් වෙළඳපොළ තුළින් සංවර්ධනය කරා ගමන් කළා නොව සංවර්ධනය අත්කරගැනීමෙන් අනතුරුව තම වාසිය තකා සමාන ගනුදෙනු කරුවන් ලෙස නිදහස් වෙළඳපොල ප‍්‍රතිපත්තිය වැලඳගත් රටවල් බව අප තේරුමිගත යුතුය.

සංවර්ධනයේ උභතෝකොටිකය

පසුගිය දශක හතරක පමණ කාලයක සිට ආර්ථිකයේ සිදුවු  ව්‍යුහාත්මක වෙනස්වීමි මගින් ශක්්තිමත් වූ වානීජ ප‍්‍රාග්ධනය මෙිවන විට අප රටෙි දේශපාලනය සමග අවියේජනීය ලෙස සමිබන්ධ වී තිබෙි. මෙයින් ඉදිරියට යෑමට නමි මෙම වානීජ ප‍්‍රාග්ධනය දුර්වලකොට නිශ්පාදන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමට අදාළ ප‍්‍රතිපත්තිමය තීරණවලට අප ගමන්කළ යුතුව ඇත.. මෙි අනුව දැනට පවතින වානීජ ප‍්‍රාග්ධනයේ හා දේශපාලනය අතර ඇති මෙි මිතුදම රටෙි හැබැ සංවර්ධනයට බාදාවක් වී තිබෙි ආර්ථික විද්‍යාවෙි මූලික සිද්ධාන්ත උගන්වන ටියුෂන් ගුරුවරයෙකුගෙන් මදක් ඔබිබට ගොස් දේශපාලන ආර්ථික විද්‍යා ඇසකින් බලන ඔිනෑම අයෙකුට මෙය වැටහිය යුතුය. එහෙත් අප භුක්ති විඳින ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වානීජ ප‍්‍රාග්ධන විසින් මෙහෙයවන ඒජන්තයින්  ජනතාවලවාම මහජන නියෝජිතයා ලෙස බෞතිස්ම කර පාර්ලිමෙින්තුවට පත්කරවා ගැනීමෙි ක‍්‍රමයක් 78 සිට අපිට උරුමකර දී තිබෙි. වානීජ ප‍්‍රාග් ධනය විසින් හදාවඩා පොෂණය කරණ මෙම ඒජන්තවරුන්ට පක්ෂ මාරුකිරීම ප‍්‍රශ්ණයක්  වන්නේ පෞද්ගලිකව තමන්ට සිදුවන ලාභ පාඩු ගනන් බැලීමකට අනුව මිස ප‍්‍රතිපත්තිමය කරුණු මත නොවෙි. තමන් ඇතුලුු හතර වරිගයාට ඇලඩින්ගේ පුදුම පහනක් වී ඇති මෙම ක‍්‍රමයේ මූලික වෙනසක් කිරීමට මොවුන් පියවර ගනු ඇතැයි සිතීමට තරමි සාධක නැත. රාජ්‍ය නිලධරයද වානීජ ප‍්‍රාග්ධන සමග සමිබන්ධවී සිටින අතර ආර්ථික උගතුන් වැලයන අතට මැස්ස ගැසීමෙන් ඔවුන් ද වරප‍්‍රසාධ සහිතව යමක් සරිකර ගැනීමෙි ව්‍යායාමයක නිරතව සිටිති. ඉතාමත් සුලු පෞද්ගලික ලාභ අපේක්ෂාවන් ඉටුකර ගැනීම වෙනුවෙන්  මෙකී තුන්කටිටුව සමග පෞද්ගලික සමිබන්ධතා ඇතිකර ගන්නා පත්තරකරුවෝ ඔවුන්ගේ කවි කථාන්රතර ප‍්‍රචාරය කිරීමට සැදීපැහැදී සිටිති. මෙි නිසා සංවර්ධනයේ ඇත්ත ගැටලුව පිලිබඳව සාකචිඡුාව යටපත් වී තිබෙි. එහෙයින් සංවර්ධනය පිළිබඳ නොමග යවන සුලු ප‍්‍රචාරකවාදී් විහිලු සැපයීමෙන් වැලකී සාරගර්භ සාකචිඡුාවක් ආරමිභ කිරීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබෙි ඒ අතරම සංවර්ධනය යථාර්ථයක් කරගැනීමට නමි සාකචිඡුා වලින් ඔබිබට ගිය රුඩිකල් දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව මාගේ වැටහීමය.

මාධ්‍යට තම අදහස් දැක්වීමට අකැමැති විශ‍්‍ර‍්‍රාමික ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් සමග අපි කිහිපදෙනෙක් කරණ ලද සාකචිඡුාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මෙි. විශ්ව විද්‍යාලයට අමතරව කලක් මහ බැංකුවෙිද සේවය කර ඇති මොහු වතු ආර්තිකය සමිබන්ධයෙන් අගනා කෘතියක් ලියාතිබෙන අතර එම ආර්ථකය සමිබනිධයෙන් මෙතෙක් කර ඇති තියුණම විශ්ලේෂණය ලෙෂ ප‍්‍රමානික ආර්ථක උගතුන් අතර විශාල පිළිගැනීමක් ඇත.
සකස්කලේ – මහින්ද රත්නායක

දෙශප්‍රෙමය දවටා ජයවර්දන වෙඩපිලිවෙල ඉදිරියටම

        දේශපේ‍්‍රමය දවටා ජේ ආර් ගේ වැඩපිළිවෙල ඉදිරියටම
                                              වික‍්‍රමබාහු

මෙවර පැවති පාර්ලිමෙින්තු මැතිවරණයේ දී ද ජනාධිපතිවරණයේදී මෙන්ම සාමාන්‍යයෙන් ධනේශ්වර ඡුන්දයක තිබෙන නිදහස් වාතාවරණයක් පැවතියේ වී නමුත් එයට සමාන්තරව රාජ්‍ය මර්ධණය මැරබලය හා රාජ්‍ය මාධ්‍යය අයථා භාවිතය එලෙසම ක‍්‍රියාත්මක විය. ඡුන්දය දැමීමට බාධාවක් නොතිබුන වාතාවරණයක් තුල පවා ජනතාව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණියේ 52%ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවකි.. මෙයින් පෙනීයන්නේ  සංවිධානාත්මකව නොවුවත් ජනතාව දුනුවත්කමින්ම ඡුන්ද වර්ජනයක් කර තිබෙන බවකිි.. එම වර්ජනය දකුණට මෙන්ම උතුරටද පොදු විය.

ජේ ආර් ජයවර්ධනගේ පාලන කාලයේදී පැවති ජනමත විචාරණයේදීද මෙි ආකාරයටම ඡුන්දය භාවිතා කළේ ඉතාම අඩුවෙනි.. එම කාලයේ රාජ්‍ය මර්ධනය හමුවෙි ජනතාවගේ ඡුන්ද අයිතිය උල්ලංඝනය විය. නමුත් මෙවර ඡුන්දය දැමීමට නිදහසක් තිබියදීත් ජනතාව කැමැත්තෙන්ම එයින් වැලකුුනි.. මෙයින් පිළිබිඔු වන්නේ ජනාධිපතිවරණය තුළ යමි දූෂණයක් සිදු වූ බවට ජනමතයක් ගොඩනැගී තිබීමය. අවස්ථාවාදී පාලකයන් එදා ජාතිවාදී මිනිස් ඝාතනයකට හැරවු 83 කලු ජූලියට සමාන්තරව  ජේ ආර්ගේ  ජනමත විචාරණයේදී කෙරුන චන්ද දූෂණයන් නියා ඇති වූ සමාජමය කලකිරීම ද ඒ පුපුරා යැමතුළ අන්තර්ගත විය.

මෙවර මැතිවරණයේදී ජනතාවගේ මෙම හැසිරීමෙන් පිළිබිඔු වන්නේ විකල්ප පෙරලිකාරී රුඩිකල් තීරණයක් ගැනීමෙි දිසාවකට ජනතාව ගමන් කරමින් සිටින බවයී. ද‍්‍රවිඩ සමාජයේ ඡුන්ද හැසිරී තිබෙන ආකාරයෙන්ද එය පැහැදිලිය. උතුරු නැගෙනහිර පමනක් නොව තමන් වෙනුවෙන් අවංකව හඩනැගූ ශ‍්‍රි රංගා වැනි අය සොයා ගොස් ඡුන්දය භාවිතා කිරීමෙන් වතුකරයේ ජනතාවද පෙන්නුමි කළේද මෙම ප‍්‍රවනතාවයයී. ආණ්ඩුව 1/3 එකකට ආසන්න ඡුන්ද පදනමක සිටින බව අගවමින් විශාල බලයක් පෙන්වන්නට උත්සහ දැරුවත්   මූලික වශයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආන්ඩුව කෙරෙහි පවත්නා නුරුස්නා බවයි ඉහත සාධක තුළින් ඔප්පු වන්නේ..

හිිටපු මැති ඇමතිවරුන් ඇතුලු අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ගේ කැරැුටිටුව අවංකවම හොඳින් දන්නා ජනතාවට තම අපේක්ෂකයා හොරෙකු දූෂකයෙකකු වංචාකාරයෙකු බව පැවසීමෙන් වැඩක් නැත. මෙය 77න් පසුව ඇතිවූූ සමාජ ආර්ථික පෙරලීයේම ප‍්‍රතිඵලයකි. ආත්මාර්ථය හා පුද්ගලවාදය අධිනිශ්චය වූ සමාජ ආර්ථික පසුබිමක අපේක්ෂකයා හොරෙක් වූවත් වංවාකාරයෙකු වූවත් කුඩුකාරයෙක් හෝ මොන වර්්ගයේ අයෙක් වූවත් තමන්ට යමක් කරදෙන්නේ නමි ජනතාව ඔහුට ඡුන්දය ලබා දීමට පෙළෙඔි.. මෙි ආකාරයට මෙවැනි තක්කඩින් වෙනුවෙන් ජනතාව වහලුන් සේ පෙළ ගැසීම අරුමයක් නොවෙි. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හොදාපාලුවෙි ප‍්‍රමානය මෙි තුලින් මනා ලෙස ගම්‍ය වෙි. තායිලන්තයේ රතු කමිස කාරයින් ගේ උද්ඝොෂණයෙන්ද පෙන්වන්නේ මෙවැන්නකි. ඔවුන් නියෝජනක කරණ තක්ෂින් ශිනමාත‍්‍රාගේ ක‍්‍රියා කලාපයද යහපත් නැත. ඔහුට එරෙහිවද වංචා හා දූෂණ චෝදනා ගනනාවක් තිබෙි. ඒ අතරම එක්තරා සමාජ ස්ථරයක් වෙනූවෙන ඔහු විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. එදා වෙිල සරිකර ගන්නට උත්සහ දරණ ජනතාවකට මෙි අනුව එකී චොදනා වැදගත් වන්නේ නැත . එම නිසා මෙම මැතිවරණ වලින් පැරණි ආකාරයට සැබෑ ජනමතය තීන්දු කිරීම අසීරුය.

සුුලු චන්ද පදනමක් හා බරපතල  දුෂණ එල්ලවන මෙම ආන්ඩුව දැන් කෙසේ හෝ බලය ලබාගෙන ඇත. දැන් එහි පැවැත්ම තීරණය වන්නේ බලය ලබාගත් ආකාරය මත නොව  අතිමහත් බහුතරයක් ජනතාව වෙනුවෙන් ඉදිරියට කරන්නේ කුමක්ද යන්න මතය. මෙි ආණ්ඩුවට ඇත්තටම එවැනි ජනතා හිතවාදී පියවරයන් ගතහැකිද? යන්න මීලගට සලකා බැලිය යුතුය. ඒ අනුව මෙි .ආණ්ඩව  ආභියෝග රාශියක් තිබෙි. ජාත්‍යන්තර බාධකයන් මෙි අතර ප‍්‍රධානය. මෙි වන විටද බටහිර රටවල් රජයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලකර තිබෙි. එංගලන්තයේ ලේබර් පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත්වූයේ යුධ අපරාධ ගැන පරික්ෂණයක් පවත්වන බවට වූ අනිවාර්්‍ය වූ කොන්දේශි ඇතිවය. කොන්සර්වෙිටිවි පක්ෂයද යුධ අපරාධ චෝදනාව ලංකාවට එරෙහිව ඉදිිරිපත් කිරීම වැලැකිවිය නොහැක. එරට වෘත්තීය සමිති මෙන්ම දෙමල ප‍්‍රජාවද මෙම ප‍්‍රශ්ණයට බරපතල ලෙෂ වැදිහත් වී සිටිතිි. උතුර මර්ධනය කිරීම ජාත්‍යාන්තරව ඇති වු බලපැම ප‍්‍රභල වී ඇති බව මෙ අනුව අප වටහාගත යුතුය. මෙය ඉතාමත්ම බරපතල තත්වයකි. අනෙක් අතට මෙිවන විටත් ජාත්‍යාන්තර ගනුදෙනු රාශියක පැලී සිටින ආණ්්ඩුවට විවිධ කොන්දේශිි ඉදිිරිපත් කරමින් සිටී. මෙි අතර අය වැය පරතරය අඩුකිරීමට කෙරෙන බලපෑම ප‍්‍රධානය. මෙි නිසා ආණ්ඩුව පාඩු ලබන දේ අවම කරමින් අයවැය පරතරය අඩුකිරීමෙි උත්සහයක නිරතවී සිටින බව  ඉතා පැහැදිළිය. සුභසාධනවාදී රාජ්‍යයක් විසින් නොකල යුතු නමුත් මෙම ආණ්ඩුව මෙම කොන්දේශි වලට යටත්ව විශාල බදු බරක් ජනතාව මත පටවමින් සිටී.  මෙයට අමතරව සුභසාධනයන් කපා හැරීමද ආණ්ඩුවෙි සැලසුමට අයත්ය. උදාහරණයක් ලෙස දුමිරිය හා විදුලිබල මණ්ඩලය වැනි ආයතනවල මූලික ඉලක්කය වන්නේ ලාභ ලැබීම නොවෙි. එය ක‍්‍රියාත්මක වන්නේ ජනතා සුභසාධනය මුල්කරගෙන මෙන්ම පාඩු ලබන්නේ ජනතා සුභසාධනය පිණිස ය. එහෙත් මෙම ආණ්ඩුව මෙම කරුණ නිවැරදිව ග‍්‍රහණය කරගෙන නැත .

මෙි අනුව ඉන්දියානු ධනේශ්වරයේ නියෝජිතයා ලෙෂ ජනාධිපති රාජපක්ෂ තම ඉදිරි ගමන සැලසුමි කරණ බව පෙනේ. ඉන්දීයාවේ ධනේශ්වර දේශපාලනය තුල එරට සිවිල් සේවය ඉතා බලවත් කාර්ය භාරයක් ඉටු කරයි. බ‍්‍රහ්මණ පැලැන්තියේ සංස්ථාවක් ලෙස කි‍්‍රයාත්මක වන එය ඉන්දියානු ධනවාදය ගොඩනැගීම ඔවුන්ගේ ධර්මය බවට පත්කර තිබෙි. ඒ ආකාරයටම රාජපක්ෂ ජනාධිපතිවරයාද රාජ්‍ය නිලධාරි පැලැන්තිය හරහා තම ධනවාදී සැලැස්මට අනුව දැනටමත් තම වැඩ කටයුතු ආරමිභකර තිබෙි. මෙවර මැතිවරණයේදී ජනතා නියෝජිතයන් ලෙස තේරීපත් වූ සාමාජිකයින්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයට කිසියමි දෙයක් කල නොහැකි ආකාරයට අවුල්කර තිබෙි. අමාත්‍යාංශ ලබාදීමෙදි එය කලවමිකර ලබාදීමෙන්ම ඒ බව පැහැදිළිවෙි අනිත් අතට බොහෝ අමාත්‍යවරුන්ට ලබාදී තිබෙන්නේ ඔවුන්ට නොගැලපෙන අමාත්‍යාංශයන්ය. මෙි නිසා පත්කර ඇති බහුතරයක් ඇමතිවරු තමන්ගේ අමාත්‍යාංශයේ් කාර්්‍යයන් ගැන අවබොධයක් හෝ සවිඥඤ්ඤානක බවක් නැති තත්වයක් තුළ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකමිවරයා හරහා තම ප‍්‍රතිපත්ති මාලාව කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ෂලසාගෙන ඇත. ඉන්දියාවෙි පාලන ක‍්‍රමයද මෙි හා සමානය. මෙම වැඩ පිළිවෙල ඉන්දියාවෙි මෙහෙයවීමෙන් සිදුවන්නක් බවය පෙනී යන්නේ. පියවරෙන් පියවර ඉල්ලීමි දිනාගැනීමෙි ප‍්‍රතිපත්තියක් මත ද‍්‍රවිඩ ජාතික සන්ධානයට ද ආණ්ඩුව සමග සමිමුතියකට යන ලෙසට ඉන්දියාව කරණ බලපෑමද මෙම වැඩපිළිවෙලේ්ම තවත් කොටසකි.

 දේශපේ‍්‍රමී ඝෝෂාව මැද ජනාධිපති රාජපක්ෂගේ පාලණය විසින් 1977 දී ජේ ආර් ජයවර්ධන ආරමිභ කළ ධනවාදී සමාජ ආර්ථක වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම තුළ එක්සත් ජාතික පක්ෂයද අර්බුධයට ලක්ව ඇත . රනිල් වික‍්‍රමසිංහ ජනතාවට සමීප නැති දුර්වල නායකයෙක් බව ෂත්‍යයක් වන නමුත් ඇත්ත අර්බුධය වනාහී වෙන යමක් නොව 77 දී ජේ ආර්  ජයවර්ධන කළ ආකාරයට විකල්ප සමාජ ආර්ථික වැඩපිළිවෙලක් රනිල්ට නොමැති වීමය. වෙනත් අයට නැතත්  මෙි පිළිබඳව මනා වැටහීමක් ඇති රනිල් වික‍්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපති සමග සමිමුතියක සිටතිී.

පැරණි වාමාංශික පක්ෂ මෙිවන විට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙලකට නායකත්වය දීමෙි හැකියාව සමිපූර්ණයෙන්ම ක්ෂය කරගෙන ඇත. ඔවහූ අද ජනාධිපති රාජපක්ෂට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිළි ඇන්දවීමෙි අසාර්ථක උත්සහයක නිරත වී සිටිති. කමිකරු පංතිය ප‍්‍රමුඛ පලල් වාමාංශකයින්ගෙන් රාජපක්ෂ පාලනයට එල්ලවන විරෝධයන් තෙතමාත්තු කීරිම වෙනුවෙන් වරප‍්‍රසාද හිමි වී ඇත .

ජෙනරාල් සරත්ෆොන්සේකා ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ නොසලකා හැරිය නොහැකි බලයක් අත්කරගෙන ඇත. ගුප්ත ස්වභාවයක් පෙනෙන ෆොන්සේකාට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙලක් මත ඉදිරියට ගමන්කිරීමට සූදානමක් ඇතිබව පෙනෙන්නට නැත . සුලු ජනතාව ඇතුලු කලකිරීසිටින  ආන්ඩුපක්ෂයේ හා යූ එන් පියේ කොටස් ඒක රාශි කරගතහැකි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ පිළිවලක් ඔහු පිටිපස සිටින ජනතා විමුක්ති පෙරමුණටද නැත . විශේෂයෙන්ම ද‍්‍රවිඩ ජනයා එක්සත් කරගැනීමට නමි සුලු ජාතික ප‍්‍රශ්ණය සමිබන්ධයෙන් මෙතෙක් ඔවුන් සිටි ස්ථාවරයේ වෙනසක් ඇතිකරගත යුතුවෙි. එහෙත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක.. කෙසේ නමුත් රුඩිකල් සමාජ ප‍්‍රජාතන්තවාදී වැඩපිළිවෙලක් සහිත විජය කුමාරණතුංග වැනි නායකත්වයකට විශාල ඉඩකඩක් විවරවී තිබෙි.

සමාජ ප්‍රජාතාණ්ත්‍රවාදී විසදුමක්

උතුරු නැගෙනහිර යුධ ජයග‍්‍රහණයෙන් අනතුරුව අප රටෙි ගොඩනැගෙන බවට
බොහෝදෙනා විශ්වාස කළ කේතුමතී රාජ්‍ය බිහිවෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට
ජීවිතය සදාකාලික දුකක් බවට පෙරෙලෙන බව සාමාන්‍ය මිනිසාට දැනෙන්නට පටන්ගෙන
ඇත. අතට ලැබෙන මුදල පවුලේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරමිවත්
ප‍්‍රමාණවත් නැත. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රජයෙන්
වෙන්කරන මුදලේ ප‍්‍රතිශතය වසරින් වසර අඩු වෙි. අනාගතය පිළිබඳ තරුණයන්ගේ
බලාපොරොත්තු සිඳී ගොස් ඇති හෙයින් සිසුන් අතර නොසන්සුන්තාවය වර්ධනය
වෙමින් පවති.
මෙි අතර යුද්ධය අවසන් වු පසුු ඒ සඳහා වෙන් කළ මුදල් සංවර්ධනය සඳහා
යොදවනු ඇතැයි මිනිසුන් සිතූ නමුත් යුධ වියදමි තවත් වැඩිකර තිබෙි. ඉදිරි
වර්ෂය සඳහා ආරක්ෂක වියදමි සඳහා රුපියල් බිලියන 201 ක් ඇස්තමෙින්තු කර
ඇතිබව පසුගිය දා වාර්තා විය. හදිසි නීතිය දීර්ඝකර ගැනීමෙි යෝජනාව
පාර්ලිමෙින්තුවට
කථාවක් කළේය. විසිරී ගොස් සිටින කොටි සමාජිකයින් පාතාලය සමග සමිබන්ධතා
පවත්වන හෙයින් හදිසි නීති යෝජනාව ඉදිිරිපත් කරනබව ඔහු එහිදි පැවසීය.
කොටි සමග පමණක් නොව දේශපාලනඥයින් සමග ද පාතාල සමිබන්ධතා පවතින බව
ප‍්‍රසිද්ධ රහසකි. එසේ නැත්නමි පොලීසියට පාතාලය මර්ධනය කිරීමට රටෙි
පවතින සාමාන්‍ය නීතිය හොඳටම ප‍්‍රමාණවත්ය. පොලිසිය අසමත් වී ඇත්තේ
දේශපාලනඥයින්ගේ සමිබන්ධයක් ඇති අපරාධකරුවන් අත්ඩංගුවට ගැනීම
සමිබන්ධයෙනි.
අර්බුදයට ප‍්‍රතිවාර-
කෙසේ නමුත් මෙයින් පෙනී යන්නේ මෙතෙක් බලයේ සිටි සියලු ආණ්ඩු වලට මෙන්ම
මෙි ආණ්ඩුවටද මෙි රට මුහුණදෙන සමාජ, ආර්ථික, ප‍්‍රශ්ණ විසඳීමට
පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැති බවයි. එම නිසාම පසුගිය ආණ්ඩුවලටත් වඩා
රාජ්‍යයේ මර්ධන යන්ත‍්‍රය ශක්තිමත් කිරීම මෙි ආණ්ඩුවෙි එකම විසඳුම වී
ඇත. තමන්ගේ නොහැකියාව ජනතාවගෙන් වසන් කිරීමට සතුරෙක් මවා පෑම මෙිවන විට
විලාසිතාවක් බවටත් පත්ව ඇත. යටත් විජිතවාදීන් ප‍්‍රමුඛ බටහිර සංස්කෘතිය මෙම
පරිහානියට සමිපූර්ණයෙන් වගකිව යුතුයැයි අර්ථ දැක්වෙයි.
කරුවෙකරුවෝද මෙයට අටුවා සපයති.
අභියෝගය විසදීම තබා ප‍්‍රශ්ණය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමටවත් මෙරට
පාලකයින්ට හෝ ඔවුන් වටා සිටින බුද්ධිමතුන්ට ද අවබෝධයක් නැත.
අවසාන වශයෙන් මෙි සඳහා ඔවුන්ට ඇති එකම වැඩ පිළිවෙල මර්ධනය හා වාරණයන්
පනවා ජාත්‍යන්තර ආයතන වලින්ම ආධාර අයදමින් ජනතාව ගෙන් ද අසීමිතව බදු
අයකරමින් පාලනය නඩත්තු කර ගැනීම පමණි. එහෙයින් සිදුවෙමින් පවතින්නේ
කුමක්ද යන්න පිළිබදව රටෙි ජනතාවටද නිනවිවක් නැත. අර්බූධයට විසදුමක් ලෙෂ
දේශපාලන අධිකාරිවාදයක් සමාජ මත පටවන්නේ මෙවන් පරිසරයක් තුලය. අතීතය
පිළිබඳ මතිබ‍්‍රමයක පැටලි සිටින මෙරට ජනයා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන මාධ්‍ය
ප‍්‍රචාරණයන් මගින් ආණ්ඩුවෙි බල සමිබන්ධතාවයන්ට සමිබන්ධ කරගැනීමට
වෙහෙසෙයි. බෙලහීන පොදු විපක්ෂයේ ඇල්මැරුනු විරෝධයන්ද අවසානයේදී
උර චක‍්‍රමාලාවක් වන් අතීතමය මතිභ‍්‍රමයේම ගිලී යයි. මෙහි අවසාන ප‍්‍රතිඵලය
වන්නේ පවතින ක‍්‍රමයට එරෙහිව කුමන්ත‍්‍රණ හා රහසිගත කල්ලි කණඩායමි බිහි වී
විනාශකාරී
මාවත්ව
සමාජය ගලවාගැනීමට නමි වත්මන් සමාජය මුහුණපා තිබෙන මුලික ගැටලු හඳුනාගෙන
ඒවාට සාර්ථක විසඳමි ඉදිිරිත් කිරීමට සමත් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වෙි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය-
නිදහස ලැබූ දා පටන් ක‍්‍රමක‍්‍රමයෙන් අප රටෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකසිතවනවා
වෙනුවට එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස එය හැකිලී යාමෙි තර්ජනයට අපි මුහුණ පා
සිටිමු. රාජ්‍ය බලය සිංහලයන් සතු හෙයින් හැකිලෙමින් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය
පිළිබඳ අපිට තිබුණේ අඩු සංවෙිදීතාවයකි. එහෙත් මෙි රටෙි සුලු ජාතීහූ
ස්වභාවයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්ණයට ඉතාමත් සංවෙිදී විය. එයට
යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීමෙි තර්කානු කුල අවසන් ප‍්‍රතිඵලය වූයේ මුලු
සමාජයටම විශාල හානියක් ගෙන දූන් ත‍්‍රස්තවාදයයි. ත‍්‍රස්තවාදය යන්න මෙි
රටෙි ජාතික ගැටලුවෙි ප‍්‍රතිඵලය මිසක් හේතුව නොවන බවට කොතරමි පැහැදිලි
සාධක තිබියදීත් යුධ ජයග‍්‍රහණයෙන් අනතුරුව ජාතික ගැටලුව විසඳීමට වුවමනාවක්
නැත්තාසේය. ද‍්‍රවිඩයන්ට පමණක් නොව ක‍්‍රමානුකූලව ව්‍යවස්ථාවක් තුළ අන්තිම
දශමයට සංකේන්ද‍්‍රනය කර ඇති රාජ්‍ය බලය වෙනුවට සියලුම ජනකොටස් පාලනයට
හවුල්කරගත හැකි පාලනයක් අවශ්‍යව ඇත. වසර කිහිපයකට වරක් දේශපාලන පක්ෂ විසින්
ඉදිරිපත්කරණ සමාජයට වග නොකියන පිරිසක් මහජනයා ලවාම පත්කරවා ගැනීම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ප‍්‍රගතිශිලීන් ගේ එක මුතූවක් මෙි සමාජය ප‍්‍රර්ථනා
කරන බව පෙනෙන්නට ඇත.
සංවර්ධනය-
සංවර්ධනය යන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ව්‍යුක්ත සංකල්පයක් නොවන්නේ වී
නමුත් සංවර්ධනය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැප කල යුතූ බවට අදහසක් තිබුණි.
සිංගප්පූර් සිහිනය සැබෑ කරගන්නට සොඳුරු ආඥාදායකයෙක් අපිටත් අවශ්‍ය
බව ඇතැමෙක් ගේ අදහස විය. ඒ අනුව පාලකයෙකු අත බලය සංකේන්ද‍්‍රණය කරගැනීමට
1978 දී අපි අනුමැතිය දුනිමු. මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස ශී‍්‍ර ලංකාව
සිංගප්පූර්වක් නොවූවා පමණක් නොව තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද කප්පාදු
විය. බරපතල ගොවිජන ප‍්‍රශ්ණයක් පවතින ශී‍්‍ර ලංකාව වැනි රටක ප‍්‍රශ්ණය පෞ
ර රාජ්‍යයක් වූ සිංගප්පූරුවෙි ප‍්‍රශ්ණ විසඳන ආකාරයට විසඳිය නොහැකි බව
ඹවුන්ට නොවැටහේ. නොබෙල් ත්‍යාගලාභි ඉන්දියානු
වූ අමාත්‍යා සෙන් දක්වන ආකාරයට නිදහසට පෙර සාගින්නේ මියගිය ලක්ෂ
සංඛ්‍යාත
පහළ සමාජ තීරුවල ජනයාට ඡුන්ද බලය හිමිවීමෙි ප‍්‍රතිඵලයක් ලෙස
සාගින්නෙන් මිය යෑම ඉන්දියාවෙන් තුරන් විය. මෙයින් පෙනී යන්නේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය අතර නොබෙදිය හැකි සංවර්ධනයක් බවතින බවය.
මානව සංවර්ධනයක් නොමැති තැන සංවර්ධනයක් නොමැති අතර සංවර්ධනයක් ඇති තැනක
දරිද‍්‍රතාවයක් තිබිය නොහැක.
කාර්ය්‍යයේ දී මැදිහත් විය යුතුවෙි. මෙයට අමතරව
හිමිකමි පිළිබඳ අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් වලට අනුව නීති සමිපාදනය
කරමින් යහපත් ජාත්‍යාන්තර සබඳතා ගොඩ නගාගැනිම අප සතු වගකීමකි. තවද මෙි සඳහා
ශක්තිමත් මෙන්ම බලතල ඇති ස්වාධීන ආයතන පද්ධතියක් ද අවශ්‍යව ඇත.
සමාප්තිය
මෙි රටෙි පවතින පවතින ජනවාර්ගික ප‍්‍රශ්ණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ
ගැටලුව හා සංවර්ධනය, යහපාලනය මෙන්ම මානවහිමිකමි යන ප‍්‍රශ්ණ එකවර
ආමන්ත‍්‍රණය නොකර මෙි රට මුහුණපාන එකදු ප‍්‍රශ්ණයක් වත් විසඳිය නොහැක.
එසේ වන්නේ වෙන යමක් නිසා නොව මෙි සෑම ප‍්‍රශ්ණයක්ම එකිනෙකට බැඳී පවතින
නිසාවෙනි. දැනට පවතින දේශපාලන පක්ෂ දෙස බැලීමෙිදී මෙම පක්ෂ එකකට හෝ
මෙවන් වැඩ පිළිවෙළක් නොමැත. එහෙයින් මෙම සමාජය පරිවර්තනය කර ගැනීමට නමි
සමාජ ප‍්‍රජාතත්ත‍්‍රවාදී එකමුුතුවක අවශ්‍යතාවය දැඩි ලෙස පවතින බව අවසාන වශයෙන්
පෙන්වා දීමට පුලුවන.
මහින්ද රත්නායක

පරබයවායට පිටිකර බෙහෙත් බෑදීම – ලන්කාවෙ පාසල් හා අද්දියාපන අර්බුදය

අධ්‍යාපන අර්බුධය- පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

මෙි රටෙි අධ්‍යාපන අර්බූදය අද ජාතික ආපදාවක් ලෙසට වර්ධනය වී තිබෙි. මෙහි ගැඹුර හා දිග පළල පිළිබඳ සාරගර්භ මෙන්ම පලදායි සාකචිඡුාවක් නොමැති නමුත්  එහි ප‍්‍රකාශණයක් ලෙෂ මතුවී තිබෙන කරුණු පිළිබඳ සාකචිඡුා කෙරේ එහි මූලික ලක්ෂණයන්ගෙන් සමහරක් මෙසේ සාරාංශකර දැක්විය හැක
1. රැුකියා විරහිත උපාධිධාරීන් බිහිවීම
2. පාසැල් අධ්‍යාපනයෙන් විභාග සමත්වීමේ ප‍්‍රතිශතය 50‍්‍ර පටන් අඩු මට්ටමක පැවතීම. විෂයන් හැටියට ගත් විට විද්‍යා ගණිතය වැනි විෂයන්ගෙන් අසමත්වීම පවතින්නේ මෙයට ඉහළ ප‍්‍රතිශතයකි.
3. විභාගයෙන් සමර්ථයන් ලබා ඇත්තේ වී නමුත් සමාර්ථයයන් පිළිබඳව බරපතල ප‍්‍රශ්න ඇත. උදාහරණයක් ලෙස ගත් විට විභාගයෙන් ගණිතය සමත් වූවත් ප‍්‍රායොගිකව ගණිතය පිළිබඳ නොහැකියාව බොහෝ දෙනක් ඉංගී‍්‍රසි සමත් වේ. එහෙත් ඉංග‍්‍රීසි කථා කිරීමට හෝ ඉංගී‍්‍රසියෙන් ලිපියක් ලියාගැනීමට නොහැක . විභාග සමත් වී රැුකියා වෙළඳපොලට එන ඇතැම් අයට මවි භාෂාවෙන් හෝ ලිපියක් ලියාගැනීමට නොහැකි වීම
4. පාසැල් වාර්ගීකරණයවීම බරපතල ප‍්‍රශ්නයකි. අධ්‍යාපනය ලැබීමට සියලූ දෙනාට සමාන අයිතිය ඇතත් කොටසකට ජනපි‍්‍රය හා ජාතික පාසැල් වෙන්ව ඇත. මෙයින් අදහස් වන්නේ අනිත් පාසැල් ජනපි‍්‍රය හෝ ජාතික නොවන බවය

ශී‍්‍ර ලංකාවේ රජය මගින් පාලනය වන පාසැල් 10000 ක් පමණ තිබේ. මෙයින් පාසැල් 300 ක් ජනපි‍්‍රය පාසැල් ලෙස හැඳින්්වේ. මෙයින් කියැවෙන්නේ ඉතිරි පාසැල් 7000 ම ජනපි‍්‍රය නොවන පාසැල් නොවන බව නොවන්නේ ද?

අධ්‍යාපන අර්බුධය පිළිබඳ කථාකිරීමෙි දී පලවෙනි ගැටළුව වන්නේ අධ්‍යාපනය යන්න කුමක්ද යන්න සමස්ථ සමාජයටම අවබොධයක් නොමැති වීමය. එම නිසා අධ්‍යාපනයේ සැබෑ ගැටළුව යටපත්වී ගොස් ඉතා සුළු පිරිසකට වැදගත් වන අධ්‍යාපනයට සමිබන්ධ ජනපි‍්‍රය විෂයක එක් කොටසකට අවධානය යොමු වී ඇත. මේ නිසා අධ්‍යාපනයේ ඇති ගැටළු විසඳීමට පත්කරණ                 කමිටුවලින් වුවත් අධ්‍යාපනයේ පවතින සැබෑ ගැටළු සාකච්ඡුාවේද යන්න සැක සහිතය.
උදාහරණ ලෙස අධ්‍යාපන අංශයේ සිටින අමැතිවරු හා නිලධාරීන් අද කථා කරන්නේ පළමු වන වසරට ළමුන් ඇතුලත් කිරීමේ ප‍්‍රශ්නය පිළිබඳවය. මේ ගැටලුව පිළිබඳව කොතෙක් අවධානය යොමුවී තිබෙි ද? යතහොත් පසුගිය සතියේ මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල පවා සාකච්ඡුා කර ඇත. මට ඇති                          අත් දැකීම අනුව ඇමතිවරු කථා කරන්නේ හා මාධ්‍යවේදීන් ලියන්නේද පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙනි.

මා දන්නා තරමින් ලංකාවේ පාසැල් දරුවන් ලක්‍ෂ 41 ක් පමණ සිටිති. ඒ අයගේ අධ්‍යාපනය ගුණාත්මක බවින් දියුණු කිරීමට සාකච්ඡුා කළ යුතු කාලය 1 වන වසර සිසුන් ඇතුලත් කර ගැනීමේ ප‍්‍රශ්නය වෙනුවෙන් ගතකරීම කොතරමි අපරාධයක් ද?

ශී‍්‍ර ලංකාවේ පවතින රජයේ පාසැල් 10000 ට පලමුවෙනි වසරට ලමුන් ලක්‍ෂ 3-4 ක් පමණ ප‍්‍රමාණයක් වසරකට ඇතුලත් කර ගනු ලැබේ. මෙයින් ජනපි‍්‍රය ප පාසැල් 300 ට ඇතුලත් කරගන්නා ප‍්‍රමානය 20000 ක් පමණ වේ. මෙම 20000 ට දේශපාලඥයින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා ඔවුන්ගේ වටා සිටින වරප‍්‍රසාදිත පිරිසගේ දරුවන්ට අමතරව ඔවුනු සමග ඇගෑලූම්කම් දක්වන මාධ්‍යවේදීන් ගේ ළමුන් ඇතුලත් වන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. මේ දරුවන්ද ඇතුලත්ව දළ වශයෙන් 40 ලක්‍ෂයක පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාකච්ඡුා කිරීමට තිබෙන කාලය ජනපි‍්‍රය පාසල් වලට ඇතුලත්වීම වෙනුවෙන් නාස්ති  කරණ රටක් ලෝකයේ කොහේවත් නැත
මෙි ආකාරයට කාලය කා දැමීම වෙනුවට ජනාධිපති ඇතුළු කැබිනට් එක අවධානය යොමුකළ යුත්තේ ජනපි‍්‍රය නොවන පාසැල් නඟා සිටුවීමට හා                    සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීමයි. එහෙත් කනගාටුවට කරුණ නම් මෙයට ඇහුම්කන් දීමටත් ඔවුන් සූදානම් නොවීමය. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ අප විසින් අනවශ්‍ය ලෙස නිර්මාණය කරණ ලද                                 අධ්‍යාපනික නොවන ගැටළු එසේත් නැතිනම් ළමුන් ඇතුලත් කිරීම වැනි              පරිපාලන ගැටළු කෙරෙහි අවධායනය යොමු කිරීමයි.

අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ඉතිහාසය පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඒකරාශී වෙමින් පවතින දැනුම කුලසතාවය හා ආකල්ප ඊලග පරම්පරාවට පවරා දීම සඳහා කටයුතු කිරීමයි. මෙම කටයුත්ත           මිනිසාගේ උපතේ සිට මරණය දක්වා දෙමාපියන්ගෙන්,  සමාජ පරිසරයෙන් සහ             අප විසින් ඇතිකර තිබෙන අධ්‍යාපනික ආයතන  හරහා  විධිමත්ව ලබාදීමය.                                                                                                                      ප‍්‍රශ්නය වෙන්නේ මෙම සංස්කෘතිකමය පවරා දිමේ කර්තව්‍යය අප කොතරම් සාර්ථකව කරනවාද? යන්නය.

වර්තමානයේ දී මෙි සමිබන්ධයෙන් අප විශාල ගැටළුවකට මුහුණ දී තිබේ. පසුගිය අවුරුදු 50   තිිස්සේ එකතු වූ දැනුම කුසලතාවය කිසියම් ප‍්‍රමානයකට යම් රටක හා දේශ සීමාවකට සීමා වී තිබූ දේ විය. එහෙත් අද ගෝලීයකරණය සමග මේ සීමාවන් බිඳී ගෝලීය දැනුම, ගෝලීය කුසලතාවය, ගෝලීය ආකල්ප සමබරව ලබාදීමේ ගැටළුවකට අප මුහුණ දී තිබේ. මෙය තේරුම් ගෙන අප එම අවකාශය දරුවන්ට නොසපයන්නේ නම් අනාගතයේදී පුරවැසියන් ලෙස සමාජයට මුහුණ දීමට ඔවුන්ට අපහසුතා ඇති වේ. ඒ නිසා අපට දැඩි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක්, එසේ නොමැති නමි ප‍්‍රතිනිර්මාණයක් අවශ්‍ය වේ. මගේ දැනීමේ හැටියට අධ්‍යාපන විෂයේදී ශී‍්‍ර ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වී ඇත.
මෙම පරිහානියෙන් ගොඩ ඒමට නම් ඉහතින් සදහන් කල ආකාරයේ                                  රුඩිකල් ප‍්‍රතිසංස්කරණයන් අවශ්‍යය. එහිදී නොයෙක් සමාජ ප‍්‍රතිවිරෝධතා මතුවිය  හැකි නමුත් එය අවම වන ආකාරයට කල යුතුව ඇත. විශේෂයෙන්ම මෙහි සම්පූර්ණ වගකීම පවතින්නේ රජය මතය.  රටක අධ්‍යාපනයේ දරුපරපුරක අනාගත වෙළඳ පොළකට හෝ නිලධාරි තන්ත‍්‍රයකට භාරදිය නොහැක. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියකින් හා දර්ශනයකින් හෙබි නායකත්වයක් තිබිය යුතු වෙි ඒ අනුව අපගේ අධ්‍යාපන ගැටලුවට මූලික වශයෙන් පහත සඳහන් කරුණු හේතු වී ඇත
1    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පියා                           බව සත්‍යක් නමුත් අධ්‍යාපන විෂය පිළිබඳ පැහැදිලි දර්ශනයකින් හෙබි අධ්‍යාපන ජාතික නායකත්වය මේ වන තුරු නොවීම.
2    අධ්‍යාපන කාර්යයයේදී ඉගෙනීමේ අවස්ථා නිර්මාණය කිරීම හා පහසුකම් සැලසීම රජයේ කටයුත්ත ඉටුකරණවා වෙනුවට එම කි‍්‍රයාදාමයට අවහිරවන නිලධාරීවාදයක්් කි‍්‍රයාත්මක කරමින් රජය විශාල පාලකයෙක් ලෙස කටයුතු කිරීම.
3    අධ්‍යාපනයේ ඇති මධ්‍යගතවීම මට තේරුම් ගත් නොහැක. උදාහරණ ලෙස යාපනයේ සෙන්ට‍්‍රල් එක පලනය වන්නේ ඉසුරුපායෙනි. මෙය සැබැවින්ම අධ්‍යාපනයේ මූලධර්ම වලට පවා විරුද්ධය.

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙයට පිළිතුරක්  ලැබුනේ වී නමුත් මධ්‍යම ආණ්ඩුවේ අමැතිවරයා හා නිලධාරීන් තම අමාත්‍යංශයට අයිති දේපල අහිමි වීම නිසා ජාතික පාසැල් වශයෙන් නම් කර මේවා පවරාගෙන ඇත. ඉඩමි බලතල පවරා දෙන්න කථා කරණ රටක පාසැලක් පවරා දීමට               නොහැකිවීම හාස්‍යට කරුණකි. තවද මෙම අධ්‍යාපන වැඩපිළිවෙල පවත්වාගෙන යෑම සඳහා විශාල පෞද්ගලික ආයතන රාශියක් බිහිවී ඇත. සුදු අලින් වැනි මෙම ආයතන වල ඵලදායිකත්වය පවතින්නේ ඉතා පහල මට්ටමකය.

1980 සිට 2000 වසර වන තුරු ජාතික අධ්‍යාපන ආයතනය තොරතුරු තාක්‍ෂණ හෝ පරිගණක පාසල් විෂයක් බවට පත්කිරීමට අසමත් වේ. මෙය පාසැල් විෂයක් බවට පත්වන්නේ බාහිර මැදිහක් වීමක් මගිනි. සමහර ආයතන වලින් පලවෙන පොත්පත් වල අඩුපාඩු ජාතික ආයතනයකින් අපේක්‍ෂා කල නොහැකි මට්ටමේ අඩුපාඩුවේ. එමෙන්ම එම ආයතන ක‍්‍රියාත්මකවන්නේ ඉතාමත් අඩු සම්බන්ධීකරණයකින් යුතුවය. සමහරවිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින්වත් පාලනය කල නොහැකි මට්ටමක මෙිවා පවතී. එම ආයතන වල පැවැත්ම පිළිබදව ඔවුන් දක්වන අවධානය අධ්‍යාපනය අමතකවීමට තරම් බලවත්වී තිබේ.

අනික් අතට මේ රටට අධ්‍යාපනය පිළිබඳව ජාතික දර්ශනයක්, ප‍්‍රතිපත්තියක් නැති හෙයින් එක ප‍්‍රතිපත්තියක් මත සිට වැඩකරගෙන යෑමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත්වී තිබේ. දේශපාලන බලපෑම මෙයට ප‍්‍රධාන හේතුවකි. 2000 සිට 2005 දක්වා අවුරුදු 6ක කාලය ඇතුලත අමාත්‍යවරු 6 දෙනෙක් මෙි විෂය භාරව සිට ඇත. එවන් රටක අධ්‍යාපන පරිහානිය කරා ගමන් කිරීම ස්වාභාවිකය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාද ඡුන්දයෙන් පත්වන හෙයින් අධ්‍යාපනයේ ඉදිරි දියුණුව නොසලකා ජනප‍්‍රිය තීන්දු තීරණ ගැනීම ද තවත් හේතුවකි.  මෙයට අමතරව අධ්‍යාපනයට ඇමතිවරු ගණනාවක් සිටිති.  අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු හා ඔවුන්ගේ උප ඇමතිවරු මෙි අතර ප‍්‍රධානය.

මෙයට අමතරව පලාත් අටට ද අධ්‍යාපන ඇමතිවරු අට දෙනෙක් සිටිති. මේ කරුණද  අධ්‍යාපන විෂය අවුල් වීමට හේතු ව් තිබෙි.

දේශපාලන පලිගැනීම් යටතේ සුදුසුකම් නැති ගුරුවනරුන්ට උසස්වීම් ලබා දීම මෙන්ව විවිධ ආණ්ඩු යටතේ දක්‍ෂතා හා පලපුරුද්ද නැති පුද්ගලයන් ඉහල තනතුරුවලට පත් කිරීමද අධ්‍යාපනයේ පරිහානියට හේතු වී තිබේ.                                 සමහර විට ඇතැමි පුද්ගලයින් දේශපාලන පලිගැනීම්වලට                         ලක්වන්නට ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි විෂයකට එවැනි අයෙක් පත්කරන්නේ නමි වෘත්තීය සංවර්ධන වැඩ පිළිවෙලක් තුලින් එම පත්වීම කළ හැක.

අනිත් ප‍්‍රශ්නය වන්නේ රැුකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා දීමෙි ස්ථානයක් ලෙස ගුරුසේවය යොදා ගැනීමය. මෙි මගින් අධ්‍යාපනය පිළිබද මනා                                   පරිචයක් නැති උපාධිධාරීන් එම සේවයේ යෙදවීමෙන් ලැබිය යුතු                                                                                                               ප‍්‍රතිඵළ අත්වන්නේ නැත. එමෙන්ම 1980 දක්වාම දේශපාලන පත්වීමි ලෙෂ අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් අය ගුරුවරුන් ලෙෂ බදවාගෙන කටුයුතු කර ඇත.   ඒ අයට ගුරු පුහුණුව ලබා දීමට අවු 10-20 අතර කාලයක් ගත වූ අවස්ථා ඇත. එම කාලය තුුල මොවුන් ළමුන්ට ඉගැන්වූයේ කුමක්ද යන්න ප‍්‍රශ්නයකි.

ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමග අධ්‍යාපන ප‍්‍රශ්නය වෙනස්විය යුතුව තිබේ. උදාහරණ ලෙස රූපවාහිනිය පැමිණීමට පෙර පාසැල් සිය දරුවාගේ අවබෝධය හා අද පාසැල් යන දරුවා අතර පරතරයක් ඇත. එයට ගැලපෙන ලෙස අපේ                                                  ඉගැන්වීමෙි ක‍්‍රම වෙනස් වූවාද යන්න බැලිය යුතුය. කලූ ලෑල්ල ගොඩනැගිල්ල, පන්ති කාමරයද මෙයට  අදාලය. සමහර රටවල අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී චැනල් 10-12 කි‍්‍රයාත්මකය. මෙිවායේ එකම පාඩම දිනකට 3 වරක් නැවත නැවත විකාශය කෙරේ. අඩුම තරමින් අපිට ඒ වගේ එක රූපවාහිනී චැනලයක්වත් තිබේද?

අප කර ඇති පර්යේෂණවලට අනුව සාමාන්‍යයෙන් අ.පො.ස. සාමාන්‍යපෙල දක්වා උගත් ළමයෙක් දන්න ඉංගී‍්‍රසි වචන ප‍්‍රමානය 200 ක් පමණ වේ. මේ ළමයින්ගේ පාසැල් කාලය වසර 11-12 වේ. සාමාන්‍යයෙන් දින                 ගණනින් බැලූවොත් දින 4000 ක් පමණ ගතකර ඇත. මේ අනුව දරුවා දින 20 කට ඉගෙන ගෙන ඇත්තේ එක වචනයකි. මෙහි තේරුම වන්නේ ළමයින් 20 කට එක ගුරුවරයෙක් සිටියා නම් දිනකට ඔහු උගන්වා ඇත්තේ එක වචනයක් පමණක් බවයි.

අපගේ අධ්‍යාපනය තුල මේවා සොයා බැලීමට යාන්ත‍්‍රණයක් නැත. විභාගය හැරුණු විට කාර්යය සාධනය මැනීම්ට යාන්ත‍්‍රණයක් නැති බව ද කිව යුතුය. මෙම පරිහාණියට දේශපාලන නායකයින්, ඔවුන් යටතේ ක‍්‍රියා කළ අධ්‍යාපන ඇමතිවරුන් නිලධාරීන් මේන ගුරුවරුන්ද වගකිව යුතුය. අධ්‍යාපනය අද පාසැලෙන් ගිලිහී ගොස් ටියුෂන් ගුරුවරුන් අතට යෑමෙි                     වගකිමද මොවුන්ට පැවරෙණු.

ඩිලන්ත විතානගේ
විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක් මෙන්ව
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකවරයෙකි.

අසන්ස්කෘතික හෙලුවෑල්ල

සාහිත්‍ය විචාරකයකු වූ රොලන්ඞ් බාත
කොණ්ඩය කප්පවා ගැනීම සඳහා බාබර් සාප්පුවකට ගොඩ විය. තම වාරය එනතුරු බාත් මහතාට කියවීම පිණිස ඡු්රසි  ඵ්එජය සඟරාවේ පිටපතක් ලැබිණි. එහි කවරයේ වූයේ ප‍්‍රංශ හමුදා නිල ඇඳුමක් හැඳ
ආචාරයක් කරන නීග්‍රෝ තරුණයකුගේ රුවකි. හමුදා
භටයාගේ ඇස් ඉහළ එස වී තිබිණි. නිසැකව ම
ඔහුගේ බැල්ම යොමු වී තිබුණේ ප‍්‍රංශ ත‍්‍රිවර්ණ ධජය වෙතය.

මේ පින්තූරයේ ඊට වඩා එහා ගිය අර්ථයක් නොවුනා සේය. එහෙත් සංඥාර්ථවේදයේ
(ීැපසදකදටහ* කෙල පැමිණි රොලන්ඞ් බාත් පින්තූරය තමා වෙත ඇඟවුම්කරණය කළ දේවල් ඊට වඩා ගැඹුරින් සලකා බැලීමට යුහුසුළු විය. එම
පිටකවරය බාත්ට ඇඟවුම් කරණය කළේ කුමක්ද?

ප‍්‍රංශය වූ කලී මහා
අධිරාජ්‍යයකි. ඇගේ
දරුවෝ වර්ණ භේදයකින් තොරව ඇයට සේවය කරති.
තම ඊනියා පීඩකයන්ට
සේවය කරන මෙම නීග්‍රෝ තරුණයා පෙන්වා සිටි උෙiා්ගය ප‍්‍රංශ අධිරාජ්‍යා විවේචනය කරන්නවුන්ට එල්ල කරන කදිම කනේ පහරකි.

සංඥාර්ථවේදී කියවීම්වලට අනුව ඇඟවුම් කාරණයක් (ීසටබසසෙැර* යනු කිසියම් රූපයක්, ශබ්දයක් හෝ වචනයක් වැනි සංඥාවේ ප‍්‍රාථමික සවරූපයකි. ඇඟවුම (ීසටබසසෙැා* වූ කලී එම ඇඟවුම්කාරකය විසින්, අප තුළ ජනිත කරන සංකල්පය හෝ අදහසයි. මේ නිසා ඇඟවුම යනු ඇඟවුම්කරණයට පසුව
පැමිණෙන්නකි.

එහෙත් බාත් ගේ ඡු්රසි – ඵ්එජය සඟරාවේ පිට කවරය කියවූ සංඥාර්ථ වේදයට අනුව එහි වූ ඇඟවුම් (සංකල්ප* ඇඟවුම් කාරණය සමඟ ම ගොඩ නැඟී තිබිණි. මෙහි සිටින කළු සෙබළා ප‍්‍රංශ ආචාරයක් කරයි. එහි කා වැදී තිබුණ ඇඟවුම නම් ප‍්‍රංශකම සමඟ මිශ‍්‍ර වූ මිලිටරිකාරී බවය. රොලන්ඞ් බාත් ට අනුව මෙහිදී සිදු වන්නේ
අධිරාජ්‍යවාදය ස්වභාවික කරණයට ලක් කිරීමය. එහිදී නීග්‍රෝ තරුණයා විඳින පීඩාව පාඨකයාගෙන් වසං කරයි.

පසුගිය දවස්වලත් මේ දවස්වලත් අපගේ ජාතික කොඩිය පිළිබඳ ඉරණම ද මෙ වැන්නකි. අපගේ ජාතික කොඩියේ රූප සහ වර්ණ වලින් කරන ඇඟවුම්කරණය තුළට ඇඟවුමක් නිර්මාණය කර ඇත. ඒ අනුව සිංහලයා ගේ උදාරවත් බවත් අනෙකුත් ජාතීන් සමඟ පවත්නා සහ සම්බන්ධයත් සාමයික සමගියත් එහි මුඛ්‍ය ඇඟවුම වේ. එබැවැන් ජාතික කොඩිය යනු ජාතික එකමුතු බවේ සංඥාවයි. දේශ පේ‍්‍රමයේ ප‍්‍රකාශනයයි.

එවිට, ජාතික කොඩියක් ගෙන වැනූ පමණින්ම කෙනෙකු දේශපේ‍්‍රමියකු කරන සුළුය. යුද්ධය ජයගත් පසු බොහෝ
නිවෙස්වල ජාතික කොඩිය එසවිනි. සමහරු වාහනවල නැගී ජාතික කොඩි වනමින් තම දේශපේ‍්‍රමය විදහා පෑහ. මේ නිසා ජාතික කොඩි නිෂ්පාදනය කරන්නන්ගේද කරල පැහිනි. එහෙත් ජාතික කොඩියේ නිසි ගෞරවය රැුකිනැයි අපට කිව හැකිද? නොහැක. කට ගොන්නක් බී ගත් මැරවරයින් ජාතික කොඩි අතට ගෙන පෙළහර පෑමෙන් එයට සිදු කළේ අවමානයකි.

බාත්ට අනුව මේ අන් කිසිවක් නොව මිත්‍යාවන් ස්වභාවික කරණය කිරීමකි. එහෙයින් මෙම සමාජ සංසිද්ධීන් පුරා වෘත්ත (ඵහඑයි* නැතහොත් ප‍්‍රවාද ලෙස හඳුන්වා දීම සඳහා ඔහු ඵහඑයදකදටසැි යනුවෙන් ග‍්‍රන්ථයක් ලීවේය. අපි සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ මෙලෙස ස්වභාවික කරණයට ලක් කළ ඊනියා යථාර්ථයන්ය. අපගේ ජාතික කොඩිය දේශපාලණීකරණය වී තිබීම (මෙහි දේශපාලණීකරණය වීම යනු එහි පුලූල් අරුතින් නොව පක්‍ෂ දේශපාලනයට අදාළ පටු අරුතකින් යෙදේ.* ගැන කම්පා නොවී සිටීමට නම් මෙම ස්වභාවිකරණය වීම/ කිරීම (බ්එමර්කස‘්එසදබ* පිළිබඳ ගැඹුරු කියවීමක් ඉල්ලා සිටී.

මහාචාර්යවරියක වූ කැතරින් බෙල්සී වරෙක ජෝර්ජ් එලියට් ගේ ්ා්ප ඊැාැ නවකතාවේ ආරම්භක ෙඡ්දය සංඥාර්ථවේදී කියවීමකට ලක් කළ සැටි විමැසීම මේ සඳහා කදිම ප‍්‍රවේශයක් ලෙස මම දකිමි. එම ෙඡ්දයෙන් විස්තර වූයේ එංගලන්තයේ ඈත පිටිසර ගම්මානයකි. එය 1799 තරම් ඈත කාලයකි. ගමේ විශාල වැඩ පලක මිනිස්සු පස් දෙනෙකු වැඩක නිරිතව සිටිති. එහි සිටි උසම මිනිසා ආයුධවල හඬ
අභිබවමින් ගැඹුරු හඬකින් ගීයක් ගයයි. අසල වැතිර සිටින විශාල එඬේර බල්ලෙක් තම ස්වාමියා වූ උස මිනිසා දෙස ගරු සරු සහිතව බලා සිටින බවක් එහි තව දුරටත් විස්තර වේ.

මෙම ලිවීම තුළ පාරට්ටු
කරන්නේ මහන්සි වී වැඩ කිරීමය. එය වූ කලී කාර්මික විප්ලවයේ පහසින් ¥ෂණය නොවූ නිර්මල ගමකි. එහි තනන භාණ්ඩ ස්වභාවිකය. ඒවාහි සුවඳ
අසංස්කෘත වූ ගැමි සුවඳ සමග මුසුවේ. මෙහි ප‍්‍රධාන භූමිකාව රඟන මිනිසා උස් වූ පුහුණු කම්කරුවෙකි. බටහිර සංස්කෘතිය තුළ උස යනු බලාධිකාරය අඟවන්නකි.

බෙල්සී පවසන  පරිදි මින් ‘‘අව්‍යාජ’’ ඉංග‍්‍රීසි කම (ෑබටකසියබැිි* වහනය වන අතර වැඩ කරන මිනිසා අනෙකකු වෙනුවෙන් සතුටින් මෙන්ම මහත් යටහත් ව තම කාර්යයේ නියැලේ. එවිට බෙල්සීට අනුව සිදු වන්නේ පන්ති පරතරය ස්වභාවික කරණය වීමය. කොතරම් විරෝදාර වුවත් දුගියනට සිදු වී ඇත්තේ අනුන් වෙනුවෙන් මෙහෙකම් කිරීමටය. මෙය ස්වභාවික ධර්මතාවයක් ලෙස නවකතාවේ. මෙම
ෙඡ්දයෙන් නිරූපණය වේ. ගැමි දිවියේ ඊනියා සුන්දරත්වය සහ අව්‍යාජ බව තුළ ගිලී යන්නේ අනුන් වෙනුවෙන් බැලමෙහෙ කිරීමට ගැමියාට සිදුව තිබීමේ
වේදනාවය.

ගම්පෙරළිය සිනමා පටය ආරම්භ වන්නේ කදක් කරින් ගත් මහලූ දිරාපත් ගැමියකු ගම මැදින් ඇවිද යන දර්ශනයකිනි. වළං කද ඔහු මහත් සැහැල්ලූවෙන් ඔසොවා ගෙන යයි. වරෙක කද පසෙක තබා ගසක් අබියස දෙවියන්ට වතාවත් කරයි. ඔහු මේ හැළි වළං කද රැුගෙන යන්නේ කයිසාරු වත්තේ මුහන්දිරම් වලව්වටය. වළං සෑදීමේ සිට මුහන්දිරම් වලව්වට ඒවා රැුගෙන යාම තෙක් ඔහු විඳින පීඩාව ගැමි සුන්දරත්වය නම් ව්‍යාජය හරහා ස්වභාවික කරණයට ලක් කර නොමැත්තේද?

සිනමාවේ බස රූපයයි. එම
රූපමය බසින් ලෙස්ටර් වැඩ වසම් සමාජ පැවැත්ම
ස්වභාවිකරණයට පත් කළේය. අප ඉහත සඳහන් කළ රොලන්ඞ් බාත් ගේ ඵහඑයදකදටසැි හි එන තවත් නිබන්ධයක් නම්
ෘදපසබසජස දර එයැ ඡුරසමපචය දෙ ඛසඑැර්එමරු නමැති
රචනාවයි. එහි ඔහු භාෂාව නීතිය තුළ ආධිපත්‍යයක වන අයුරු පැහැදිලි කර ඇත. එමඟින් ඔහු නඩුවක විත්තිකරුවකු වූ ගැස්ටන් ඩොමිනිසි නම් මහල්ලාගේ දිළිඳු භාෂා ඥානය
අභිබවමින් අධිකරණයේ විදග්ධ භාෂා ඥානය ජයගත් හැටි
පෙන්වා දුන්නේය.

බාත්ට අනුව ඩොමිනිසි නඩුවේදී උසාවියේ සිටියේ
අභිචෝදක නීතිඥයකු නොව අපූර්ව කතාන්තර කියන්නෙකුය. අධිකරණය (න්‍මිඑසජැ* සහ සාහිත්‍යය අත්වැල් බැඳගෙන ඩොමිනිසීව මරණය ට නියම කළේ යැයි බාත්
අපවාද නැගුවේය. ඒ වු කලී අර්ථ විපර්යාස, රූපක, කථික බවේ මහිමය ආදී වූ චිරන්තන අලංකාරෝක්තීන් එක්ව මහලූ එඬේරෙකුට චෝදනා නගා තිබුණා සේය. යුක්තිය යථාර්ථවාදී සාහිත්‍ය නම් වූ වෙස් මුහුනු පැළඳ අධිකරණ ශාලාවට පිවිස සිටියේය.

ගම්පෙරළියේ වළං කද කරින් ගත් මහල්ලා, ඩොමිනිසි නම් මහලූ එඬේරා සහ ්ා්ප ඊැාැ නවකතාවේ ඉංග‍්‍රීසිකාර කම්කරුවා විඳින දුක් කන්දරාව එලෙස භාෂාව විසින් ස්වභාවික සංසිද්ධියක් බවට පත් කරන ලදී. මහාචාර්ය බෙල්සි පවසන පරිදි ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද විවිධ අවස්ථාවන් ද මෙලෙස ‘‘මානව තත්ත්වය’’ (්‍යමප්බ ක්‍දබාසඑසදබ*
වශයෙන් සාර්වත‍්‍රික
පිළිගැනීම් බවට පත් කර ඇත. අප රටේ පසුගිය කාලයේ සිදු වූ දේවල්වලට ගළප්පා ගත හැකි පරිදි ඇය විස්තර කරන එබඳු සිදුවීමක් මම පහත දක්වමි.

1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුණේය. නිදහස්කාමී බටහිර
මින් ඒත්තු ගැන්වූයේ අස්වාභාවික
ලෙස ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගොඩ නැගූ කොමියුනිස්ට් වාදය බිඳ වැටී ස්වභාව ධර්ම පැවැත්ම එනම් ධනවාදය යළි තහවුරු කළ බවය. උද්‍යෝගයෙන් උත්සව පැවැත් වූ පිරිස්වල දර්ශන රූපවාහිනියේ දර්ශනය වීමෙන් මෙය සහතික කෙරිනි. එහෙත් මේ පිරිස්ම පසු කලෙක ධනවාදී රජයේ එදිනෙදා ජීවිතය හොලිවුඞ් චිත‍්‍රපටවල පෙන්වන තරම් සුබදායි නොවන බව වටහා ගත්හ. භාවිතාව තුළ ජනයාට පෙනී යන්නේ
සෝවියට් වර්ගයේ කොමියුනිස්ට් වාදය පිළිබඳ ඔවුන් ගේ කල කිරීම නිදහස් වෙළඳ පළ ක‍්‍රමය ස්වභාවික වීමේ සාධකය
නොවන වගය.

ඇත්තටම නම් මෙහිදී සිදුවන්නේ තම පැවැත්ම පිණිස
සතුරකුගේ පැවැත්ම පිළිබඳ කාරණය තහවුරු වීමය. තාප්පය දැන් බිඳ වැටී ඇත. එවිට තම හවුල්කාර වටිනාකම් රැුක ගැනීම සඳහා බටහිර එකමුතු කරන්නේ කුමක්ද? දැන් ත‍්‍රස්තවාදයේ ප‍්‍රචණ්ඩ බව පොදුවේත් ඉස්ලාමික මූලධර්මවාදය විශේෂිතවත් ඇත. තව උවමනා නම් විකල්ප ලෙස පිට සක්වල (ජීවින්ගේ ආක‍්‍රමණ පිළිබඳ භීතියද වේ. බාත් විස්තර කරන පරිදි මෙබ`දු ප‍්‍රමාද විසින් ඉතිහාසය සහජයක් නැතහොත් ස්වභාවික වූ කිසිවක් (භ්එමරු* බවට පෙරලනු ලැබ ඇත.

අපගේ ජාතික කොඩියේ හැසිරීම පිළිබඳ නැවත කියවීමක් කිරීම සඳහා වූ විiාත්මක ප‍්‍රවේශය එයයි. පටු දේශපාලන අරමුණු උදෙසා ජාතික කොඩිය යොදා ගැනීම සංස්කෘතික හෝදාපාළුවක් නොවේ නම් අන් කවරක්ද? එහෙත් එකී දේශපාලනය ට අත්වැල වී ඇත්තේ ජාතික කොඩිය මහත් බල පරාක‍්‍රමයෙන් යුතු ඇඟවුම්කාරකයක්
(ීසබටසඑසෙැර* ලෙස සමාජ චින්තනය පාලනය කළ හැකි ප‍්‍රපංචයක් වී තිබීමය. එය හැම සිංහලයෙකුට ම තමා තුළ වන අඩුවක් (ඛ්ජන* සම්පූර්ණ කර ගැනීමට අවස්ථාවක් සපයයි. මක්නිසාද යත්, එය ඇඟවුම (ීසටබසසෙැා* නැතහොත් සංකල්පයද කැටුව එන ඇඟවුම්කරණයක් වන බැවිනි.

සින්හල ඉතිහාසය රජ මාලිගාවෙ ඉතිහාසය නොවෙ

ජනාවාස පුරා විiාව

මීට වසර ගණනාවකට පෙර පටන් මානවයාගේ සම්භව්‍ය සහ ව්‍යාපෘතිය පිළිබඳව කරුණු සොයා බලන්නට පුරා විiාව නමින් විෂයක් සොයා ගනු ලැබුවන් පුරා විiාව ක්‍ෂෙත‍්‍රයට අලූතින්ම එක්වන සංකල්පය වන්නේ ‘‘ජනාවාස පුරා විiාවයි’’ විසිවන ශත වර්ෂයේ මුල් භාගයේ පටන්ම ජනාවාස පුරා විiාව  නම් වූ වචනය භාවිතයට පැමිණියා. මෙය ප‍්‍රථමයෙන් හඳුනා ගනු ලැබූ මෙහි පුරෝගාමියා වනනේ ගුස්ටාස් කොස්සින්නා නම් වූ ජර්මන් දාර්ශනිකයායි. පෞරාණික කැනීම් මඟින් පුරාතනයේ පසු සාමාන්‍ය ජනතාවගේ ව්‍යාප්තිය, ජීවත් වූ ප‍්‍රදේශ, ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම, මෙහි මූලික විෂය පථය ලෙස දක්වන්න පුළුවන්. කොස්සින්නාගේ අදහසට අනුව ලෝකයේ කොතැනක හෝ තැනක ජර්මානු පුරවාස්තු තිබෙනවා නම් එයින් අදහස් වන්නේ ජර්මන් ජනතාව එහි වාසය කර ඇති බවයි. හිට්ලර් විසින් පෝලන්තය ආක‍්‍රමණය කිරීමේ හේතූන් ලෙස ජර්මානු පුරාවස්තු පෝලන්තයේ  තිබෙන බව හුවා දැක්වීමට මූලික වූයේ ගොස්න්නාගේ මෙම සංකල්පයයි. හිට්ලර්ගේ නාසිවාදය ව්‍යාප්ත කරන්නට එක් න්‍යායක් ලෙස ඔහු විසින් යොක්සින්නාගේ මෙම ජනාවාස පුරා විiා න්‍යාය යොදාගත් බව පෙනේ. මූලික වශයෙන් පෝලන්තයේ ජර්මානු පුරා වස්තු තිබෙන බව හිට්ලර් විශ්වාස කළා. එහෙ.් කොස්සික්නා මෙහිදී මූලික වශයෙන් අදහස් කෙළේ අතීතයේ විසු සාමාන්‍ය මහජනතාවගේ වෘප්තිය කෙසේ සිදු වූයේද යන්න සොයා බැලීමයි. හිට්ලර් මෙම න්‍යාය පෝලන්තය ආක‍්‍රමණය කර තම නාසිවාදි මතවාද පතුරවන්නට යොා ගනු ලැබුවද වර්තමානය වනවිට මේ ජනාවාස පුරා විiාව යන වචනය යොදා ගනු ලබ්නේන වඩාත් පුළුල් අර්ථයකිනුයි. මෙයින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ පැරණි ලෝකයේ විසු මිනිසුන්ගෙන් බහුතරයක් වූ සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රටාව කෙබඳු වන්න ඇත්ද යන්න සොයා බැලීමයි. එහෙත් මෙය සංකල්පයන් ලෙස ගත්කළ ඉතාමත් සංකීර්ණය. පුරාතන සාමාජයේ ජනතාව පිටත් වූ ආකාරය ගැන කීමේදී ඔවුන්ගේ ජනවාස, ඔවුන්ගේ  ඉඩම් පරිභෝජනය, ඔවුන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා යන සෑම අංශයක්ම මේ ජනාවාස පුරා විiාව  මඟින් අවලෝකනය කරන්ටන පුළුවන් වෙනවා. ඒවා තේරුම් කිරීමට ප‍්‍රමාණවත් ද්‍රව්‍යමය සාධක මේ හරහා සොයාගත හැකියි.

මූලික වශයෙන් ගත් කළ 19 වැනි සියවසේ සිට වර්ධනය වූ පුරා විiාව නම් සංකල්පය මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ පුරාතන සමාජවල විසූ රජවරුන්, ඇමතිවරුන්, ආගමික නාකයන් වැනි සමාජ ප‍්‍රපංචකයා ………. වන පාලකයන්ගේ ජීවන රටා අධ්‍යයන කරමින් ඒ අනුව සමාජයේ හැඩතල විස්තර කිරීමයි. එහෙත් මෙමගින් සැබැවින්ම ඒ සමාජයේ හැඩතල කෙබඳුද කියා සොයා ගැනීම අසීරු වෙනවා.

ජනාවාසා පුරා විiාව  මඟින් මූලිකවම කරනු ලබන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන විලාශයන් අධ්‍යයන කිරීම මඟින් එම සමාජයේ සැබෑ හැඩතල හඳුනා ගැනීමයි. පුරාතන සමාජය තුළ කල්පවතින දෑ ඉතිරි කර …….. හැකි වූයේ රජවරුන්ට හෝ යතිවරුන්ට පමණිය. ලාංකික සමාජයට සාපේක්ෂව ගත් කළ පුරාතනයේ ගඩොලින් නිවාස තැනිය හැකි වූත්‍ය් රජවරුන්ට හෝ භික්‍ෂ්න් වහන්සේලාට පමණි. ඒ නිසා ඒ සමාජයේ සැබෑ ස්වරූපය වෙනුවට අපට පුරා විiාව  මඟින් සොයා ගත හැකි වන්නේ සමාජයේ ඉහළ ස්ථරයේ ජීවන තතු පමනි. එහෙත් පහළ ස්ථරය ගැන තොරතරුැ අනාවරණය කර ගන්නා වෙනත් අවකාශයක් තිබුණේ නැහැ. සෙල් ලිපි, ගල් වැටි ආදියෙහි රජවරුන් ගැන විස්තර අඩංගු වුවත් මේවා නිර්මාණය කරන්නට ශ‍්‍රමය කැපකළ සාමාන්‍ය ජනතාව ජීවත් වූත්‍ය් වරිච්චි – පොල් අතු නිවෙස් වල නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් අවලෝකනය කර ගන්නට පුරා විiාවට අවස්ථාවක් උදා වූයේ නැහැ. එහෙත් වසර 1950 දශකයේ දී පමණ පුරා විiාව ක්ෂේත‍්‍රයට මාක්ස්වාදී දර්ශනයේ අභාෂය දැනෙන්ට පටන් ගත්තා. එය පුරා විiා ක්ෂේත‍්‍රය ලැබූ විශාල ජයග‍්‍රහණයක් වුණා. මාක්ස්වාදි න්‍යායෙන් ලැබූ විශාල ආභාෂයේ ප‍්‍රතිඵලයක් ලෙස පුරා විiා ක්ෂේත‍්‍රය ඉතිහාසය නිර්මාණය කරන්නේ රජවරුන්, යතිවරුන්, නොවන සාමාන්‍ය ජනතාව බව හඳුනා ගන්නවා. ජනවාස පුරා විiාවට, මාක්ස්වාදි දර්ශනයේ ආභාෂය හැරුණු විට ප‍්‍රංශ දාර්ශනික ආභාෂය, හේගල්ගේ දර්ශනය මෙන්ම ව්‍යූහවාදයේ ආභාෂය ලැබීම නිසා එය වඩාත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවන්නට හැකියාව ලැබුණා. එහිදී සාමාන්‍ය පොදු ජනතාවගේ ඉතිහාසය කුමක්ද යන්න ගැන විමසා බලන්නට පටන් ගැනුනා.

ලංකාවේ ඓතිහාසික සමාජය තේරුම් කර ලීමේදී අපට ඒ සමාජයේ උපරි ව්‍යූහය ගැන පමණක් අධ්‍යයනය කිරීමෙන් සමාජය තේරුම් ගැනීමට අපහසුයි. සමාජයක් ක‍්‍රියාත්මක වන්නේ තල දෙකක් අතර ඇතිවන සන්නිවේදනයෙන් බව ව්‍යූහවාදයට අනුව පැහැදිලි වෙනවා. වැඩවසම් සමාජයක නම් සමාජ ක‍්‍රියාකාරීත්වය ලෙස අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් හිමියා හා ප‍්‍රවේණිදාසාය අතර සිදුවන සන්නිවේදනයටයි. මේ නිසා සමාජයක මතුපිට ව්‍යූහය ගැන මෙන්ම අධෝ ව්‍යූහය ගැනත් සම්පදාකිය විම අතිශයින්  වැදගත් වෙනාව. ලංකාවේ නිර්මාණය කර තිබෙන සුවිසල් නිර්මාණ අධ්‍යයනය කිරීමේදී ඒ යතිවරුන්ගේ රසය ගැන පමණක් කල්පනා කර බැලිම ප‍්‍රමාණන්‍ත් වන්නේ නැහ. මේවාට ශ‍්‍රමය සැපයූ නිෂ්පාදන බලවේග ගැන සොයා බැලීම අනිවාර්ය වෙනාව. මාහ විහාරය, ජේතවනාරාමය, අභයගිරිය, රුවන්වැලි සෑය වැනි මහා ස්මාරකවල තිබෙන සෙල්ලිපි කියවන්නට ඒවා අගය කරන්නට පමණයි අප පුරුදු වී සිටින්න්. මේ සුවිසල් නිර්මාණ ඉදි කරන්නට ශ‍්‍රමය සැපයූ, ජීවිත පූජා කළ දහස් සංඛ්‍යාත පීඩිත පන්තියේ ජනතාව ගැන අප අමතක කර දමා තිබෙනවා. මේ නිෂ්පාදන බලවේග ගලා ආවේ කොහොමද. මේවා සංසරණය වුණේ කොහොමද. මෙන්ම මේවා කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ගලා යාමේදී පරිධියේ වූ කොටස් දැක්වූ දායකත්වය කොබදුද යන්න අප තේරුම් ගත යුතුව තිබෙනවා. අප තවමත් පශ්චාත් යටත් විජිතවාදී තත්ත්වයක් තුළ සිටින නිසා අපට මේ ඉතිහාසය තුළ ජීවත් වූ සාමාන්‍ය ජනතාව වැදගත් වන්නේ නැහ. අපි තවමත් කැමති බොොහ් වේලාවට දුටු ගැමුණු චරිතය, වාරි කර්මාන්තය වැනි දෑ සොයන්නටයි. මේ මහා ස්මාරක ගොඩ නගන්නට ශ‍්‍රමය සැපයූවන් ගැන සොයන්ටන කිසිවකුගෙග් උනන්දුවක් නැහැ. ඒ අපි මේ පශ්චාත් යටත් විජිත මානසිකත්වය යටතේ …….. කරන්නට නොහැකිව තිබෙනවා.

අතීතයේ අපේ සමාජය තනිකරම වැඩවසම් සමාජයක්, ශ‍්‍රමයට මිලක් නියම වී තිබුණේ නැහැ. එහෙත් පස්වනි ශත වර්ෂයේ මහානාම හිමියන් විසින් රචිත මහා වංශයේ සඳහන් වන පරිදි රුවන්වැලි සෑය ඉදි කිරීමේදී තබන ලද සෑම ගඩොලකටම මිලක් ගෙිවය යුතු බව දුටු ගැමුණු රජතුමන් විසින් නියම කල බව සඳහන් වෙනාව. එහෙත් මහා වංශය සිංහල බෞද්ධ යතිචරයෙකුගේ රචනාවක් වන නිසා එහි සත්‍යයක් ලෙස පිළි ගන්නට තිබෙන  ඉඩකඩ අඩුයි. කෙසේ වෙතත් අපේ ඉපැරණි සමාජය වැඩ වසම් සමාජයක්. වැඩ වසම් සමාජයක් තුළ ශ‍්‍රමය හුවමාරු වනනේ කොහොමද කියන එකට  ඕනෑතරම් උදාරහණ තියෙනවා. අප තවමත් සිටින්නේ නියේ ෆියුඩල් සමාජයකයි. අපි මොනතරම් මෝඩ වුනත් සය්බර් කැෆේවල සිටියත් කසාද බඳින්න ගියහම කුලය හොයනවා. රටේ තනතුරක් ලබා දෙන්න ගියත් කරාවද, ගොවිගමද කියලා හොයනවා. මෙය වසර දෙදහස් ගණනක් තිස්සේ වැඩවසම් සාමාන්‍ය ජනතාව ….. ලෙසයි දන්වලා තියෙන්නේ. ඔවුන්ගේ නිවෙස්වල සුදු හුණු පිරියම් කිරීමට ගෘහ භාන්ඩ තබා ගැනීමට අවසර තිබුණේ නැහැ. මේ සමාජයේ සාමාන්‍ය ජනතාව බොහොම දුක්ඛිත ජීවිත තමයි ගත කළේ. ඉතින් මෙවැනි මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බලන ‘‘ජනාවාස පුරා විiාව’’ මේ වන විට වර්ධනය වී තිබීම සාධනීය තත්ත්වයක් වෙනවා. ඒ වගේම ජනාවාස පුරා විiාව වර්ධනය වීමට මාක්ස්වාදයෙන් සිදුවූ බලපෑම අති ප‍්‍රබල වෙනවා. මාක්ස්වාදය විශේෂයෙන් සමාජයක ද්‍රව්‍යමය සබඳතා ගැන පැහැදිලි කරනවා. එතකොට මාක්ස්ගේ කලාව තුළ මෙන්ම සමස්ථ නිර්වචනය තුළ වුණත් අපට පැහැදිලි වන්නේ බොහෝ විට සමාජ තුල නිර්මාණය වන සියලූම සමාජමය අංගයන් ආගම, දර්ශනය, නීතිය ඒ හැම දෙයක් තුළම ද්‍රව්‍යමය සම්බන්ධතාවයක් තිබෙනවා. කියන කාරණය කේන්ද්‍රීය වැඩ කොටසක් ඉටු කරනු ලබනවා. මෙවැනි මාක්ස්වාදී අදහස් අප සිතට ගතහොත් මාක්ස්වාදය අනුව ක‍්‍රියා කරනවා නම් අපට හිතන්න පුළුවන්. අපි මේ රටේ  ඕනෑම සමාජයක පාලකයන්, යතිවරුන් විසින් ඉතුරු කළ නෂ්ඨාවශේෂ අධ්‍යයනය කිරීමෙන් පමණක් සමාජයේ සමස්ථ ක‍්‍රියවලිය තේරුම් කිරීම අපහසුයි. එතකොට අපට විශාල අඩුවක් පරතරයෙන් පෙනෛනවා. ඒ සමාජය අර්ථ නිරූපණය කිරීම සඳහා ඒ පාලක පංතියේ උපරි ව්‍යූහය නිර්මාණය කිරීම සඳහා භාජන පාදක ව්‍යූහය හෙවත් අධෝ ව්‍යූහය සොයා ගැනීම සඳහා තිබෙන ව්‍යාපාරය ගතහොත් අපට අවශ්‍ය වෙනවා කවුද මේ පාදක ව්‍යූහය කියන්නේ කියන එක. පාදක ව්‍යූහය තමයි මේ රටේ ගොවි කම්කරු ජනතාව. සමාජයෙන් මූලික වශයෙන් ගත් කළ එහි තිබෙන්නේ ද…….. සම්බන්ධතා ජාලයකුයි. සමාජයේ කිසිම ව්‍යූහයකට නිරපේක්ෂ ලෙස භ‍්‍රමණය වන්න බැහැ. ඒ නිසා ඉපැරැුණි සමාජයේ ඒ වගේ ව්‍යූහයන් දෙකක් අතර තිබෙන අන්තර් ක‍්‍රියාවලිය තමිය ඒ සමාජයේ අද්විතීය අංශය වන්නේ. කෞටිල්‍යයේ අර්ථ ශාස්ත‍්‍රයට අනුව සමාජයක මූලික පැවැත්ම සකස් වී තිබෙන්නේ සමාජ ප‍්‍රභලයන් හා සමාජ දුබලයන් අතරයි. එයට මත්ස්‍ය න්‍යැය යැයි කියනු ලබනවා. ලොකු මාළුන් හැමදාම පොඩි මාළුන්ව ආහාරයට ගන්නවා. ඒ වගේ තමයි සමාජයක ක‍්‍රියාත්මක වන මත්ස්‍ය න්‍යායම තමයි සමාජයක් ද්‍රව්‍යවාදී මුහුණුවරකින් හැසිරෙන්න පටන් අරගෙන තියෙන බව මාක්ස් නිවැරැුදිව හුවා දැක්වූයේ මේ නිසයි. සමාජයක් ද්‍රව්‍යමය මුහුණුවරකින් හැසිරීමේ දී නිර්මාණය වන්නේ ද්‍රව්‍යමය සම්බන්ධතා පමණයි. මොරිස් ගොබිලස් නම් දාර්ශනිකයා කලාව සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළා. ආගම්, ආර්ථිකයෙ දෘශ්‍ය මායාවක් යන නමින් වූ ඔහුගේ වියමන තුළ ඔහු පෙන්වනේන් ආගම හා ආර්ථිකය අතර තිබෙන ද්‍රව්‍යමය සම්බන්ධතාවයයි. එය බුද්දාගම අනුව පවා නිර්වචනය කරන්න පුළුවන්.

මේ නිසා මාක්ස් සීඝ‍්‍ර ලෙස ඉතිහාසය පුරා පැවතියේ ද්‍රව්‍යමය සම්බන්ධතා ජාලයන්ය. මේ නිසා ජනාවාස පුරා විiාවේ දී පොදු ජනතාව ගැන සොයා බලන්ටන ඉන් ලොකු පිටුබලයක් ලැබෙනවා. ජනාවාස පුරා විiාව  සඳහා අවශ්‍ය කරන මූලිකම ………….. ගතිකය සපයන්නේ මාක්ස්වාදය හා ව්‍යූහවාදය මගිනි.

පශ්චාත් නූතන බහුජන කළාව

පශ්චාත් නූතන තත්ත්වය  යනු කුමක්ද යන්නට ෆෙඞ්රික් ජෙම්සන් නම් පශ්චාත්  මැක්සියානු බුද්ධිමතා දුන් පිළිතුර වූයේ එය පසු ධනවාදයේ සංස්කෘතික තර්කනය වන බවය. එවිට මේ පශ්චාත් ධනේෂ්වර ආර්ථිකය හැම පුද්ගලයකුටම සංස්කෘතිය සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීමයි. මේ නිසා කලාකරුවා සහ සහෘදයා අතර සීමා ඉර බොඳ වී ඇත. කොටින්ම මේ බහුජන සංස්කෘතිය (ඵ්ිි ක්‍මකඑමරු* තුළ සහෘදයින් කියා කොටසක් නැත. හැමෝම කලාකරුවන්ය. එලෙසින්ම පශ්චාත් නූතන තත්ත්වය තුළ ජනප‍්‍රිය සංස්කෘතිය යනු කලාව පිළිබඳ සහ සම්බන්ධ ප‍්‍රති …………. (ඊසබ්රහ ධචචදිසඑසදබි* විසංයෝජනය වීමකි. එවිට උසස් නවකතා සහ පහත් නවකතා කියා දෙයක් නැත.

ප‍්‍රශ්නය නම් ජනප‍්‍රිය සංස්කෘතිය අධිපති මතවාදයට එරෙහි ව්‍යාපෘතියක් වන්නේ ද නැතහොත් එය සමාජ වෙනසක් ඉල්ලා සිටින්නේ ද යන්ය. බොහෝ විචාරකයන්ට අනුව ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රබන්ධ පවතින ක‍්‍රමයට පහර එල්ල කරයි. එහෙම නැත්නම් මේවා තුළ ඊනියා විප්ලවවාදී පණිවිඩයක් අන්තර්ගතව ඇත. සමහර විචාරකයින්ට අනුව සංත‍්‍රාස ජනක චිත‍්‍රපට  වලින් කෙරෙන්නේ ධනේශ්වර සංස්කෘතියේ මූලික අංගයන්ට පහර දීමකි.

සමහර ජනප‍්‍රිය ප‍්‍රබන්ධවල වීරයා, නිරාචාරවත් වූ පවතින සමාජ ක‍්‍රමයට එරෙහිව තනිවම සටන් වදී. නිදසුනක් ලෙස පුද්ගලික රහස් පරීක්‍ෂකයින් පිළිබඳ කතා මඟින් යුක්තිය ඉටු කිරීම පිණිස වන රජයේ මැදිහත් වීම තුළ පවතින නිරේථක බව හෝ දුර්වලකම විවේචනය කිරීම දැක්විය හැක. බොහෝ විට මේ කතාවලදී ඉහළ පන්තියට තර්ජනයක් වූ තනි රහස් පරීක්‍ෂකයකුගේ බුද්ධිය සහ ශූරකම ජයගන්නා හැටි නිරූපණය වේ. ජේමිස් බොන්ඞ් හා සුපර්මෑන් වැනි චරිත පිළිබඳ උම්බර්ටෝ එකෝ  බඳු විචාරකයින්ගේ අධ්‍යයනයන්ට අනුව ඒවා ස්ථික්ත වූ හොඳ සහ නරක පිළිබඳ ලෝකය නිරාවරණය කරන කල්පිතයන්ය.

ජනපි‍්‍රය සංස්කෘතියේ නිර්මාණ එලෙස සමාජ අසාධාරණයන්ට එරෙහි ව්‍යාපාරයක් ලෙස පවතිනවා විය හැක. නිදසුනක් ලෙස සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, දීපාල් පෙරේරා වැනි නායකයින් ගේ ගීත වලින් සමාජයේ පවතින දුර්වලකම් පතුරු ගැසීම ගත හැක. එහෙත් එම භාවාතිෂයමය ප‍්‍රකාශනයන්ගෙන් සමාජ වෙනසකට සිදුකරන මෙහෙයක් නැත. ඉන් රසඥතාව තමාට වී යයි. අiතන නිර්මාණ සාහිත්‍යාංග තුළ පවතින භාවාතිෂය විගඩම් ශෛලිය නිසාද සිදු වී ඇත්තේ එයමය.

රුමේනියාවට කුමක් සිදුවූවක් සිදුසේකු තමා තුළ මව්බිමට ඇති ආදරයත් උජාරුවත් පුනරුච්චාරණය කළේය. මා යටකී භාවාතිෂය නිර්මාණ කරුවන් ගන්නේද සිසුසේකු ගත් මඟමය. අප ලියන්නේ රට වෙනුවෙනැයි ඔවුන් තර්ක කරනු ඇත. තම නිර්මාණ වලින් මේ පවතින සමාජ අසාධාරණය එළ දරව් නොකරන්නේදැයි ප‍්‍රශ්න කරනු ඇත. එය හරියට අපි රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන්නෙමුයි හඬ නගන ධනේශ්වර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ගේ බොල් හඬට දෙවෙනි නැත. එහෙත් සාහිත්‍ය තුළ සිදුවන විනාශකාර ක‍්‍රියාදාමය කිසිවකු නොදකී.

අද මහ දිගු නවකතා නොලියවෙයි. ලිපිවත් ඒවා කියවන කෙනෙක් නැත. ටෝල්ස්ටොයිගේ යුද්ධය හා සාමය, ඩොස්ටොව්සිකිගේ කර්මසොමි සහෝදරයෝ වැනි නවකතා එදා කියවූ ඉවසිල්ලෙන් කියවන කෙනෙක් අද නැත. අiතන නිර්මාණ සාහිත්‍ය පිළිබඳ විදග්ධ විචාර ශෛලියක් නැත. ලිව්වත් ඒවා කියවන කෙනෙක් නැත. සදාචාරය අධි නිශ්චය වීම නිසා වැදගත් සිිිනමා නිර්මාණ නැරඹී නම් හිමිකම පේ‍්‍රක්‍ෂකයාට අහිමි වී ගොස්ය. එහෙත් ප‍්‍රශ්න නොකරන දේ නම් මේ ‘‘අසභ්‍ය චිත‍්‍රපට’’ පොදු ජනයාගෙන් වසන් කිරීම සඳහා නරඹන වාරන මණ්ඩලවල සිටිනවුන් තවමත් කුනු වී නොමැත්තේද යන්නයි.

සමාජ ප‍්‍රශ්න පිළිබඳ භාවාතිෂය වීම විසින් අපට ඉතිරි කරනු ලැබ ඇත්තේ එවැනි පිරිහුන භාවිතාවකි. එවැනි භාවිතාවක් තුළ ජාතිය සහ ආගම යනු දේශපාලනික ලෙස අලෙවි කළ හැකි භාණ්ඩ පමණක් බවට පත්ව තිබීම ගැන අප පුදුම විය යුතු නැත.
සමන් වික‍්‍රමාරච්චි