|
පක්ෂව සහ විපක්‍ෂව

18 වන ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව හා විපක්‌ෂව බත්තරමුල්ලේ පිහිටි
බස්‌නාහිර පළාත් සභා කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (07 දා) උද්ඝෝෂණ
දෙකක් පැවැත්විණි. බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ප්‍රසන්න
රණතුංග මහතා හා මැති ඇමැතිවරු ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව උද්ඝෝෂණය
කළ අයුරු හා එ.ජා.ප මන්ත්‍රී කණ්‌ඩායම 18 වැනි සංශෝධනයට විරෝධය පළ
කරමින් උද්ඝෝෂණයේ නිරත වූ අයුරු. ඡායාරූප - කමල්
බෝගොඩ
|
ජනමත විමසුමක්
අවශ්‍ය නෑ
දහඅටවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත
සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ද එය
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වීම
අවශ්‍ය බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක
චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (07 දා) පාර්ලි මේන්තුවේදී
ප්‍රකාශ කළේය.

|

එජාප පාර්ලිමේන්තු
මන්ත්‍රීනි උපේක්‌ෂා ස්‌වර්ණමාලි මහත්මිය ව්‍යවස්‌ථා
සංශෝධනයට සහාය පළ කරමින් ඊයේ (07) අරලියගහ මන්දිරයේදී
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවූ අයුරු.
ඡායා : සුදත් සිල්වා
|
|
|
|

|
-
විරෝධය මැද අගමැති කෙටුම්පත
සභාගත කරයි
පනත්
කෙටුම්පත සභාගත කරද්දී ද්‍රවිඩ ජාතික
සන්ධාන මන්ත්‍රී ඒ. සුමන්දිරන් මහතා රීති ප්‍රශ්නයක්
මතුකරමින් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පළාත්
සභාවලට ඉදිරිපත් කළ යුතු බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්
ථාවේ සඳහන්ව ඇතත් එසේ සිදුව නැතැයි ද එනිසා
තුනෙන් දෙකක බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත
කරගත්ත ද එය නීත්‍යනුකූල නොවන බව කීය.
-
යෝජිත
18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය
රටේ සංවර්ධන දේශපාලන
ස්‌ථාවරත්වයත්
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් තහවුරු වෙනවා
ඇමැති මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය හැකි වාර
ගණන සීමාව ඉවත්
කිරීමෙන් ජනතාවට වඩාත්
නම්‍යශීලී ජනාධිපතිවරයකු බිහිකරගත
හැකියි.
පාර්ලිමේන්තුවේ 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට
පක්‍ෂව ඡන්දය ලබාදී මහා පෙරළියකට දායකවන
සියලු
මන්ත්‍රීවරුන්ට අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
සහ සන්ධාන
රජයේ ගෞරවනීය ප්‍රණාමය හිමිවෙනවා.

|
|
|
|
|
|
-
සංශෝධනයට එරෙහිව ජනතාව
නව පැසිස්‌ට්‌වාදී හා නව වැඩවසම්වාදී සම්මිශ්‍රණයකින්
සැදුම්ලත්ඒකාධිපතිත්වයක් ස්‌ථාපිත කොට එය දිගටම පවත්වාගෙන යැම මෙම යෝජිත 18 වන
ව්‍යවස්‌ථා සංශෝධනයේ ඒකායන බලාපොරොත්තුවයි. පරම්පරාගත උරුමක්‌කාරයන්ට ආණ්‌ඩු
බලය හා නිලධාරි තන්ත්‍රගත බලය සදාතනික කිරීමටද, ඒ අනුව, ඥාති සංග්‍රහය හා දූෂණය
ප්‍රචලිත කිරීමටද ඉඩ සැලසෙනු ඇත.
|
|

-
සම්පත් බැංකු වීසා ඩෙබිට්
කාඩ්පත්
හිමියන්ට වාසි තුනක්
පළමුවෙන් කියන්න ඕන සම්පත් බැංකුව
නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මෙරට ජනතාවගේ ඉතිරි කිරීමේ
පුරුද්ද වර්ධනය කරන්නයි. එය සම්පත් බැංකුවෙන් රටට
සිදුවිය යුතු සේවාවක් වශයෙනුයි අප සලකන්නේ. අප
හඳුන්වාදුන් නවතම පහසුකම ඉතා සුවිශේෂියි. මා එසේ
පවසන්නේ එය ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ සම්පත්
බැංකුවට වීමයි.
|
|
|
|
-
ආසියානු කාන්තා කනිෂ්ඨ වොලිබෝල් ශූරතාව
"ශ්‍රී ලංකා කණ්‌ඩායම සිව්
දෙස
නියෝජනය වන මනා සංකලනයක්"
"කණ්‌ඩායම්
නායිකාව ඉරේෂා උමයංගනී කල්පිටියෙන් පැමිණි
ක්‍රීඩිකාවක්. යාපනයෙන් පුහලරසී නැමැති ක්‍රීඩිකාව
කණ්‌ඩායමට එක්‌ව සිටිනවා. කණ්‌ඩායමේ සිටින කසුනි
තාරුකා ත්‍රිකුණාමලයෙන් බිහිවූ ක්‍රීඩිකාවක්.
සාමාන්‍යයෙන් වොලිබෝල් ජාතික මට්‌ටමට මෙතෙක් ක්‍රීඩක
ක්‍රීඩිකාවන් බිහි නොවූ පිළියන්දලින් තිලිණි වාසනා
කියන ක්‍රීඩිකාව කණ්‌ඩායමට එක්‌වී සිටිනවා.
|
|