• This web proxy is sponsored by HideMyAss.com

පක්ෂයේ ස්ථාවරය වැරැදියි අපේ හෘදය සාක්ෂිය නිවැරැදියි

එජාප මන්ත්‍රීවරු 10ක් සංශෝධනයට පක්ෂයි

ලබන සැප්තැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටිති. පොළොන්නරුව දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා එ.ජා.ප. නියෝජ්‍ය මහා ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න ගාල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව . . . .

විස්තර »

   

කුරක්කන් යාය සුළඟේ
කුරක්කන් සුවඳ නැහැපුඩු
කුරක්කන් රසට තොල කට
කුරක්කන් පාට මුළු රට

 

නැළවෙන්නා
පිනවන්නා
නැටවෙන්නා
දිනවන්නා

- කසුරි

හම්බන්තොට බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උද්‍යානයේ තිබු කුරහන් යායක සරුවට පිදී තිබුණු කුරහන් කරල් පරීක්ෂා කළ අවස්ථාව. කථානායක චමල් රාජපක්ෂ, කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන හා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති මහින්ද අමරවීර යන මහත්වරු ද මෙහි සිටිති.

සේයාරුව - සුදත් මලවීර

 

විපක්ෂයේ විශාල පිරිසක් සංශෝධනයට
සහය දෙනවා

- ඇමැති කෙහෙළිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 18 වැනි සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යය වඩාත් සුරක්ෂිත වන බවත් එම සංශෝධන කෙටුම්පත සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක් ඉක්මවන බලයක් තිබෙන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.තුනෙන් දෙකක් ඉක්මවන බලයක් මේ වන විටත් ආණ්ඩුවට ලැබී ඇති සේම, එය පාර්ලිමේන්තුවේ සම්මත කරන මොහොත වන විට තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහය ඒ වෙනුවෙන් ලැබී ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වන බව ද අමාත්‍යවරයා පවසයි.

විස්තර »

සංවර්ධනයට ඇති ව්‍යවස්ථාමය බාධා
ඉවත් කළ යුතුයි

- ඇමැති මෛත්‍රි


මෙරට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමට පවතින ව්‍යවස්ථාවේ බාධාවක් පවතින බවත් එම බාධාවන් ඉවත් කර ගෙන ආසියාවේ ආශ්චර්යය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට නව ව්‍යවස්ථා සංශෝධනය ඉවහල් වන බවත් ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

 

 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o